මෙවරත් හචිඔජි විහාරස්ථානයේ කඨින පිංකම නොවැම්බර් මස 05 වන දින ( සෙනසුරාදා ) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම
දේශනය, 06 වන දින ( ඉරිදා ) කඨින චීවර පුජාව පැවැත්වීමට කටයුතු සංවිධානය
කර අැත.
නීගතා ප්‍රදේශයේ අභිනවයෙන් අාරම්භ කල විහාරස්ථානයේද මෙවර කඨින චීවර පූජා පිංකම පැවැත්වීමට බලාපොරොත්තු වන්නෙමු. ඒ සදහාද පිංවත් ඔබගේ දායකත්වය ලබා දී උතුම් කුශලය අනුමොදන් වන්න.
තෙරුවන් සරණයි...
at Shouzanji Sakamuni International Buddhist Center
1693-2, Yamada-cho, Hachioji-shi, Tokyo 193-0933
MAP
niigata Temple:- 1135-1 Niigata-ken, Niigata-shi, Minami-ku, Shouze 950-1446
For more Information: Sakamuni International Buddhist Center
042-667-7042 ( hachioji temple )
025-379-8333 ( niigata temple )
වස්විසීම බුද්ධ ප්‍රඥප්තියක් ද?
"විනයො නාම සාසනස්ස ආයු. විනයො ඨිතො සාසනං ඨිතං හොති"
විනය පවත්නා
තෙක් ම බුදුසස්න පවත්නා බැවින් සකල ශාසනමාමක භික්ෂුන් විසින්ම අත්‍යාදරයෙන්
බුද්ධ ප්‍රඥප්තිය රැකිය යුතුය. සම්මා සම්බුදු ශාසනයට ඇතුලත් ශ්‍රද්ධ
හිතයිසි කුලපුත්‍රයන්ගේ ශීලය නැවත නැවත පිරිසිදු වන්නේ විනය කර්ම මාර්ගයෙන්
මබැවින් බුදුසසුනේ උසස් තැනක් ගන්නකී.
වස්විසීම හෙවත් වස්සාන
කාලය උපසපන් භික්ෂුන් වහන්සේලාට මෙන්ම සැදැහැති බොදු ජනයාට මහත්
ආනීසංසදායක මහපිං කමකී. බුදුරජාණන් වහන්සේ හුදෙක් පොදු මහජන අදහස්වලට
දෙසවන් යොමුකළ ශාස්තෘවරයන් වහන්සේ වු බැවින් එකී මත හුදෙක් බෞද්ධ ප්‍රජාවට
පමණක් සීමා නොකොට අන්‍යාගමිකයන්ගේද මතයන්ට ගරැ කළ බුදුරජාණන් වහන්සේ වස්
කාලයක් අනුමත කළේද එවන් මතයන්ට ගරැකරමින්ය. ජෛයින ආගමිකයන් අන්ත අවිහිංසාව
පදනම් කරගනිමින දිවිගෙවුවෝය. ජෛනයන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පරිභව කරන්නට
වුයේ හුදෙක් වස් කාලය තුළ භික්ෂුන් වහන්සේලා සංචාරයේ යන බැවින් මේ කාලය
තුළ අලුතින් හටගත් තණකොල පාගමින් සංචාරයේ නියැලේන බව පවසමින්ය. පක්ෂින්
වැනි සතුන්පවා මේ කාලය තුල කූඩු සදාගෙන ඒවාට වී සිටින බවත් භික්ෂුන්
වහන්සේලා ආරමවල නොසිට පාගමනින් සංචරයේ යෙදන නිසා ඔවුන් මෙලෙස චෝදනා නගන්නට
විය. මෙය කනවැටුණු මහජනයාද උද්ඝෝෂණය කරන්නට විය.බිමිබීසාර රජතුමා
බුදුරජාණන් වහන්සේ බැහැදැක කරැණු පැවැසීමත් සමක එතුමාගේ ඉල්ලීමට සවන්
යොමුකළ බුදුපියාණන් වහන්සේ වැසි සමය තුල එක්තැන්ව වෙසෙන ලෙසට නීතියක් ,
පැණවීමක් ප්‍රඥප්තියක් සිදුකළහ.
"අනුජා නාමි. භික්ඛවෙ වස්සානෙ
වස්සං උපගන්තුං" මහණේනී වස්කාලයක් ගත කිරීමට අනුදැනමී. වස්සාන සෘතුව ලෙස
ඇසල පුනුපොහො දින පොහොය කොට පසුදින පෑලවිය අරැණට පෙර වස් විසීම කළයුතු බවට
ය. මේ කාලය එවකට භාරතයේ වස්සාන සෘතුව බැවින් බුදුරජාණන් වහන්සේගේ නියමයෙන්
නියම විය.
බුද්ධ නියමයට අනුව වස් වීසීම පිළිබඳ මහාවග්ග
පාළියේ වස්සුප නායික ඛන්ධකය අපට වැදගත්ය. මෙහි වස් විසීම සිදුකළ යුතු තැන්
මෙන්ම වස් වසීමට නුසුදුසු තැන්ද සදහන්කර තිබීම විගේෂත්වයකි. වස් ජේදනය වන
අවස්තා හා නොවන අන්දමද බැහැරට යා හැකි හා නොහැකි කරැණු, වස්සාන සෘතුව අවසන්
කර පවාරණය කරන අන්දමද තොරතුරැ සඳහන් කර තිබේ. යම් රටක පාලකයාගේ අභිමතය
පරිදි වස් විසීම සංශෝධනය කර ගැනීමටද හැකිබව පෙන්වා දී තිබේ. " රාජානං
අනිවත්ත තුං" යන්නෙන් ඒ පිළිබඳ ප්‍රතියමානවේ.
වස සමාදන්
වු භික්ෂුන් වහන්සේලා මහා පවාරණයෙන් පවාරණය කිරීමද කළ යුතුය. ඉන්පසු
එළඹෙන්නේ. චීවර මාසය යී. යම් හේතුවක් කරණකොට ගෙන භික්ෂුවකට පෙරවස් සමාදන්
වීමට නොහැකි වුවානම් එම භික්ෂුව නිකීණි මස පොහොදා උපොසතය සිදුකොට
පිරිසිදුවී පසුවස් එළඹිම කළ යුතුය. යම් හෙයකින් පෙරවස් හෝ පසු වස් සමාදන්
වීමට නොහැකි වුවහොත් එබදු භික්ෂුවට දුකුලා නම් ඇවත සිදුවේ. " න භික්ඛවෙ
වස්සං න උපගන්තබ්බං, යො න උපගච්ජේය්‍ය ආපත්ති දුක්කටස්ස"
වස් ආරාධනාවක් ඇතත් නැතත් භික්ෂුන් වහන්සේ වස් විසීම සිදුකළ යුතුය. යම්
හෙයකින් ආරාධනය පිළිගත්තෙ නම් ඒ තැන පසුකොට වෙන තැනක වස් නොවීසීම සිදුකළ
යුතුය. වස් නොවිසිය යුතු තැන් පිළිබඳ සඳහන්කරන් බුදුරජාණන් වහන්සේ
• ගස් බෙනයක
• ගස් දෙබලක
• එළිමහන් තැනක හා සොහොන් ගෙයක
• වීශාල සැලීයක
• විශාල කූඩවල
යන තැන්හි වස් විසීම සිදු නොකළ යුතු බව හා ආවාස ගෙවල් දෙකක එකවර වස් සමාදන් වීම නොකළ යුතුබව සඳහන්කර තිබේ.
වස් සමාදන් වීමේදි ඇවැත් නොවන කරැණු ලෙසට දක්වා ඇත්තෙ වස් සමාදන් වන
භික්ෂුවට මුහුණ දෙන විවිධ ගැටලු සහගත අවස්තා වලදී , බ්‍රාහ්ම චරියාවට හානි
පැමිණෙන යම් කරැණක දී වස් සමාදන් වු තැනින් නික්ම වෙනත් තැනකට යාමට අවසර දී
තිබේ. එමෙන්ම සති කරණයෙන් යැමට හා භික්ෂු-භික්ෂුණි , සමණේර- සමණේරී,
සික්ඛාමාන, උපාසක- උපාසිකා වන්ගේ හා වස් ආරධනාව කළ පිරිසගේ ඇරයුමින් යාමට
අවසර දී තිබේ.
මේ කාල සීමාව තුළ කුසල් ධර්මයන් කරගැනිමට ගිහි
පැවිදි සැමට අවකාස සලසාදී තිබේ. මෙම උතුම් ක්‍රීයා ජීවන දර්ශනයට උපයෝගී
කරගැනීම මහත් විපාකගෙන දීමට හේතුවන කුසලයක.
ධර්ම ඥානය සඳහා
මිපනාවේ අමරවංශ හිම්.
වස් අාරාධනා කිරීම.
හචිඔජි විහාරස්ථානයේ වස් අාරාධනා කිරීම,මෙම උතුම් මහගු පිංකම 2016-07-18 වන සදු දින සවස 3.00ට සිදු කිරිමට අපෙක්ෂා කරමු. මේ සදහා සහභාගි වන ලෙස ශාසනමාමකව සිහිපත් කරමු. තෙරුවන් සරණයි.
2016-07-18 (monday) 3.00pm at Hachioji temple
Vassa ceremony will be held on.
We invite monks to this temple for rain retreat. All are welcomed to this ceremony!
2016-07-18 (monday) 3.00pm at Hachioji temple
Vassa ceremony will be held on.
We invite monks to this temple for rain retreat. All are welcomed to this ceremony!





























