ත්‍රිලක්‍ෂණ න්‍යාය


මෙලොව හටගත්තා වූ සත්ව ප්‍රජාවගේ යථා ස්වභාවය කියැවෙනුයේ ත්‍රිලක්‍ෂණය මඟිනි. මෙය බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මෙහි මූලික ලක්ෂණ තුනකි. අනිච්ච, දුක්‍ඛ, අනාත්ම යනු ඒ ලක්‍ෂණත්‍රය යි. මෙහි ඉගැන්වෙන අනිච්චතාව හා අනාත්මතාව බැහැර කොට දුක්‍ඛතාව හැඳිනගත නොහැකි ය. මෙය ප්‍රායෝගික ජීවිතයට වැදගත් වූ ධර්මයකි. එදිනෙදා ජීවිතයේ දී මෙය අනුගමනය නොකිරීම නිසා විවිධ ගැටලු මතුකරගෙන තිබීම දැකිය හැකි ය. ජීවිතයේ යථා තත්වය හැඳින ගැනීමට ත්‍රිලක්‍ෂණ න්‍යාය වැදගත් ය. හේතු මුල් කර ගනිමින් හටගත් සියල්ල “සංඛත” යනුවෙන් හඳුන්වයි. මෙලෙස සංඛත යන්නෙන් හඳුන්වන්නේ,
1 හට ගැනීම - උප්පාද පඤ්ඤායති
2 වැනසී යාම - වයො පඤ්ඤායති
3 වෙනස් වෙමින් පැවැත්ම - ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති 
සත්ව ප්‍රජාවගේ ජීවිත දෙස බලනවිට මේ අවස්ථා දැක ගත හැකි ය. එක එල්ලෙහිම නොව මේ අවධින් දැකීමට කාලයක් ගත වේ. ජීවිතය සැබෑ මානව ක්‍රියාකාරකම්වලින් බැහැරව නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමඟ ත්‍රිලක්‍ෂණයට භාජනය වන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ දේශනයන් පරීක්‍ෂා කිරිමේදි කිසිවක් ස්ථීර නොවන්නේ ය. නිත්‍ය ද සදාකාලික නොවන්නේ ය. මේ සියල්ලම දුක් සහිතය. මගේ ය මම ය කියා කිසිවක් නොවන්නේ ය. මෙය විශ්ව සම්මතය යථා තත්වයම වන්නේ ය. මේ නිසා අප අල්ලා බැඳගෙන සිටින රූපය ද අනිත්‍ය හෙවත් ස්ථිර නොවන බැවින් දුක් සහිතය.  මේ පිළිබඳ වැටහීමක් ඇති තැනැත්තාගේ නිවැරදි දැක්මට අනුරූපව චරිතය ද ගොඩනැගෙයි.
බුදුවරු ලොව පහළ වී ධර්මය දේශනා කරති. අනිත්‍ය වු ධර්මය අනිත්‍ය වශයෙන් ද දුක් සහිත ධර්මය දුක් සහිත ලෙස ද අනාත්ම වු ධර්මය අනාත්ම වු ලෙස ද අසුභ වු ධර්මය  අසුභ ලෙස ද ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දී තිබේ.  අසීමිත ආශාවෙන් තොර තිලකුණ දන්නා තැනැත්තා ගිජුකමින් ඈත්වන්නේ ය. තථාගතයන් වහන්සේ මිනිසුන් අතර කැපී පෙනෙන උතුමෙකි. ඒ බව තම ශ්‍රාවකයන් වහන්සේලා පවා ප්‍රකාශ කර සිටී. එය මෙපරිද්දෙනි. බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙකි. සියල්ල අවබෝධ කරගත් උතුමෙකි. දැමුණු ඉඳුරන් ඇත්තේ ය. සැනසුණු නිවුණු සිත් ඇත්තේ ය. කිසිවකට කම්පා නොවන්නේ ය. මෙලෙස උන්වහන්සේ වාසය කරන්නේ ය.  ජීවිතයේ යථා තත්වය අවබෝධ කරගත් බැවිනි. බුදුරජාණන් වහන්සේ මිනිසා මුල්කරගෙන අසහාය පර්යේෂණයෙන් බැසගත් නිගමනය වුයේ,
නා හිදං අත්‍ත කතං බිමබං
නහිද පර කථං අගං
හෙතුමපටිචච සමබුතං
හෙතු භංගා නිරුජක්‍ඩති
ජීවිතය අප විසින් හදා ගත්තක් හෝ වෙනත් කෙනෙකුගේ මැවීමක් නොවන්නේ ය. මෙය වෙනස් වීමට ලක්වන්නකි. ජාති, ජරා, මරණ වැනි මූලික දුක්‍ඛයන් අභිබවනය කොට එම දුක් ගිනි නිවා දැමීමෙන් නිවන ලැබීමේ මඟ පෙන්නුයේ මේ තත්වය මතය. සියලුම සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම වෙනස්වීම සිදුවන බැවින්
සබෙබ සංඛාරා අනිචචා
මෙය ඉපදෙමින් නැසෙන සුළු ය. ඒකාන්තයෙන්ම එය සිදුවන බව පෙන්වා දී තිබේ. අප දකින අපේ ජීවිත මෙහොතක් මොහොතක් පාසා වෙනස් වෙන බව පැහැදිළි ය. ඇතැම් විට එලෙස වෙනස් වෙනවාට අප ප්‍රියක් නොදක්වමු. නමුත් එය ලෝක ස්වභාවයම නොවන්නේ ද? එබැවින් කා හටත් තේරුම් ගැනීම පහසුව පිණිස තථාගතයන් වහන්සේ ඒ සඳහා උපමාවකින් කරුණු පැහැදිළි කර ඇති ආකාරය නඛසිඛොපම සුත්‍රයෙන් පැහැදිළි කර තිබේ. නියපිටට පස් බිඳක් ගෙන ඒ තරම්වත් ස්වල්ප වූ රූපා දී කිසිවක් ස්ථිර නොවන බව පෙන්වා වදාළේ නිත්‍ය කිසිවක් නොවන බව හා ත්‍රිලක්‍ෂණ ධර්මයට සැවොම යටත්වන බව ප්‍රකාශ කරමින් ය.  පඤ්චස්කන්‍ධයේ ස්වභාවය නම් එකසේ පැවැත්ම නැතිවන අතර අනිත් ආකාරයට වෙනස් වීමය. සත්ව තුළ වෙනස් නෙවන ස්ථිර ජීවයක් හෝ ආත්මයක් නැති බව ඉහත කී විස්තරයෙන් පෙනේ. ඉන්ද්‍රියන්ගේ හික්මීම මත මෙය නවතා ගැනීමට හැකි ය. යමෙකුට මේ පිළිබඳ යම් වැටහිමක් අවබෝධයක් ඇතිකර ගනිමින් මනස හික්මවත්ම ඔහු මාර බන්‍ධනයෙන් නිදහස් වේ යැයි ධම්ම පදයෙන් පෙන්වා තිබේ. 
සියල්ල අනිත්‍ය යැයි සංකල්පනය කොට එමගින් මමත්වය පිළිබඳ ආත්මීය සංකල්ප  බැහැර වීමෙන් තෘෂ්ණා දෘෂ්ඨි ප්‍රහාරණයට මඟ පෑදෙන බව බූදු දහමේ බොහෝ සූත්‍ර මඟින්  අනාවරණය කර තිබේ.
සබෙබ සංඛාරා අනිචචාති
යදා පඤඤාය පසසති
අථ නිබබිනදති දුfක්‍ඛ
එසමගෙගා විසුදධියා
යමෙක් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි නුවණින් දකී ද එවිට දුකෙහි කළ කිරෙයි. එය විමුක්තියට මාර්ගයයි. ඉන්ද්‍රියන්ට සිතූ සේ හැසිරෙන්නට ඉඩ නොදිය යුතු ය. රෝග පීඩා දී කරුණුවලින් සිත් දැවීම රිදීම ආදියෙන් පීඩා විඳින්නේ මේ වෙනස්වන ලක්‍ෂණ හැඳින ක්‍රියා කිරීමේ ශක්තිය නොමැති කල ය. මේ පිළිබඳ පොදු වැටහිමක් ඇතිව තිබෙන්නේ නම් වෙනස් වෙන තත්වය තේරුම් ගෙන ශෝකය මැඩගත හැකි නොවන්නේ ද? ශරීරය කෙතරම් පැහැපත් වුව ද එහි වෙනස්වීම පැවැත්ම විනිශ්චය පොදු වු ධර්මයක් බැවින් මමය මාගේය කියා බැඳ තබා ගැනීම නොකළ යුතු ය. මානව වර්ගයාගේ ජීවිතය ත්‍රිලක්‍ෂණ  න්‍යාය ධර්මයට යටත් වන බැවින් අවබෝධයෙන් මුහුණ දීම වැදගත් ය. තිලකුණු දහම පිළිබඳ වැටහීමත් සමඟ මෙබඳු පුද්ගලයා අටලෝ දහමින් කම්පා නොවන්නේ ය.
ථුටඨසස ලොක ධමෙමහි චිතතං යසස න කමපති 
නොසැලී එඩිතරව එයට මුහුණ දෙනු ලබයි. සත්‍ය අවබෝධය නිසා ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පුරුදුකම් ඇති සත්වයා වෙනස්වීමට, ජරාවට, දිරීමට, පලුදුවීමට, වයෝවෘද්ධත්වයට පත්වන හෙයින් යොවුන් විය නිත්‍ය නොවන බැවින් ජීවිතය අවසාන් වන්නේ මරණයෙන් කෙළවර වීමෙන් බව සිහිතබා කටයුතු කරන්නේ නම් ත්‍රිලක්ෂණ ධර්මය පිළිබඳ අවබෝධය වැදගත් ය.
මීපනාවේ අමරවං හිමි