සංස්කෘතියෙන් කලාවෙන් භාෂාවෙන් පෝෂණය වු අසිරිමත් පොසොන් පොහොය
වෙසක් උණුසුමත් සමඟ උදාවන්නේ ඒ අසිරිමත් පොසොන් පුර පසොලොස්වක දිනය යී. පොසොන් පොහොය ශ්‍රී ලංකේයඅපට සුවිශේෂී වු සිදුවිම් සමුදායක් සිදුවු වැදගත් දිනයකි.ජීවි අජීවී සෑම වසුතුවක්ම නිවි සැනසුන ඒඋදාර දිනය ඓතිහාසික වටිනාකම් බද්දවු දිනයක්ද වීම ලංකික සමාජය නව මුහුණු වරකට පියමැන්නා විය හැකිය.ජාතියක් වශයෙන් අපේම වු ආගමක්,සංස්කෘතියක්,සංස්කෘතියෙන් කලාවක්,සමාජ සාරධර්ම,සාහිත්‍යය හා ථේරවාදී බෞද්ධ දර්ශනයේ කේන්දස්ථානය බවට පත්වූයේ අනුබුදු මහින්ද හිමියන්ගේ ලංකාවතරණයට ඉවහල් වු ඒ අසිරිමත් දිනය වු පොසොන් සඳන් නව එළියත් සමඟය.
බුද්ධ වර්ෂ236 වැන්නේ පොසොන් පුනපෝදා මහාමහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දුතයන් වහන්සේලා සමාජවිපර්යාසයක්,ආධ්‍යාත්මික විප්ලවයක මෙන්ම නව ච්න්තන ප්‍රබෝධයක් ද උදාකරවමින් ඒ අසිරිමත් දිනයෙන් පසු උදාවිය.මිහිදු හිමියන් සිරිලකට වැඩම කිරීමට පොර අතුව ලක්දිව වැසියන් විවිධ මසදිටු සිරිත් විරිත් වලට යෝමුවී සිටි පිරිසක් හා විවිද ඇදහිලි වල නිරත වු බව පුර්ව මහින්ද යුගයට පොර පැවැති සංස්කෘතික වට පිටාවෙන් ඒබව පුර්ව නිගමනයකට එළඹ්ය හැකිය.මේ සඳහා අධ්‍යයනය කිරීමට අපට බෝහොසධක පවති.ඒ අතර මහාවංසය ,දීප වංසය වැනි වංසකථා පරිසීලනය කළ හැකිය.මෙම මුලාශ්‍ර අධ්‍යයනය කිරීමේදි අපට හමුවෙන අභිචාරවිධි නම් ගස් ගල්,පර්වත,අව් වැසි,මෙන්ම යක්ෂ ,නාග මලවුන් පිදිම වැන දැවල නිරතව සිටිබවය.
මහින්දාගමනය පිළිබඳ මහාවංසයෙහි සටහන්ව ඇතිපරිදි
ඛණෙනෙව ඉධාගම්ම
රම්මෙ මිස්සක පබ්බතෙ
අට්ඨාසි පීලුකූටම් හි
රැච් මේභත්ථලේ වරේ
(මහ.13.පරි,20 ගාථාව)
මෙම සිත්කලු මිස්සක පර්වතයේ අඹ තලාවේ මහින්ද හිමි වැඩවිසු සේක යනුවෙන් සරළ අදහස ගතහැකිය.මහිනද මහරහතන් වහන්සේ සමග මෙම ධර්මදුත මෙහෙවර සඳහා පැමිණි සෙසු පිරිස පිළිබඳ වංසකතාව තහවුරැ කරනු අනේක සාධකය වන්නේ
මහාමහිනදත්ථෙරං තං
ථෙර ඉට්ඨිය මුත්තියං
සම්බලං භද්දසාලංච
සකෙ සද්ධ් විහාරිකෙ
(මහ,12පරි08,ගාථාව)
මෙම උදාරතර ධර්මදුත සේවයෙහිලා මහා මහින්ද තෙරැන්වහන්සේ මෙන්ම ඉත්ථිය,උත්තිය,සම්බල,භද්දසාල යන සද්දිවිහාරික භික්ෂුන් වහන්සේලාහා සුමණ සාමණේරයන් වහන්සේ මෙන්ම භණඩුක උපාසක තෙමේත් මේ ඓතිහාසික ගමනට සහභාගි වුබව ප්‍රතීයමානවේ.තවද මහින්ද මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තිය ගැන කියවෙන ක්‍රි:පු තෙවන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂරයෙන් කොටනලද සෙල් ලිපියෙන්ද ඒබව තහවුරැවේ. "යෙ ඉම දිප පටමය ඉදිය ආගතන ඉචික තෙර මහිද තෙරහ තුබේ" මෙයින් අදහස් වන්නේ කුමක්ද යන්න පිළිබඳ සෙනරත් පරණවිතාරනයන් සඳහන් කරන පරිදි මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි මහින්ද සහ ඉත්ථිය තෙරවරැන්ගේ ස්තූප මේබවයි. උක්ත සාධකද පදනම් කරගනිමින් ලක් දෙරණට මහිදු හිමියන් බු:ව 236 පැම්ණිබවට අපට පසක්වෙනු ඇත.
නිර්මල ථේරවාදී දර්ශනය ශ්‍රී ලංකාසමාජයට ගෙන ඒමත් සමඟ එවකට ලංකේය සමාජය තුල මුලුබැසගෙන පැවැති ම්ත්‍යා විස්වාස පසෙකට විසිවී ගියේ නිමල දහමේ ඇතිවටිනා කමමතය.බුද්ධිමත් ජනයා ආදර ගෞරවයෙන් ඒ උතුම් දහම වැළද ගත්තේ සාදර ගෞරවයෙන් හා බුද්ධාලම්භන ප්‍රීති ප්‍රමෝදය පෙර දැරිකරගනිමිනි.ප්‍රඤ්ඤා සම්පන්න දෙවැන පැතිස් නිරිදු පූර්ණරාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේද මෙහි ඇති හරය හා වටිනාකම පසක් කරගනිමින් අනන්ත සත්වයාට සෙත සහනය සැලැසේනබව අවබෝධ කරගනිමින්ය.එලෙස වටහා ගත් එතුමා ධාර්ම්ක ක්‍රියා කලාපයෙන් ලක්දෙරනේ පාලන තන්ත්‍රයන් පවා ගෙනගියේ මහත් අලෝකයක් බදුවු දහමේ අවබෝධයත් පසක් කරගනිමින්ය.
ලක්දෙරණ තුල බුදුදහම මුල්බැස ගැනීමට නම් "මහරජ යම් දිනක හෙළදිව දෙමාපියන්ට දාව උපන් දරැවෙකු මේ හෙළ දිවම පැවිදි කරවා ධර්ම විනය උගන්වා මෙ හෙළ දිවදීම ධර්ම විනය උගන්වයිද එදිනට හෙළදෙරණ තුස මේ සසුන මුල් බැස ගන්නාබව සඳහන්කළ් බුදුදහමත් බෞද්ධ අධ්‍යාපනයත් අතර පවතින සුසංයෝගය පහදා දීමටය.
මෙ අනභිභවනීය ඉතිහාසයකට උරැමකම් කියන සිංහල ජාතිය ආර්යය ජන කොට්ඨාසයක් බවට පත්වීමට හා ආර්යය සංස්කෘතියක් උරැම කම් කියන විශිෂ්ඨ නිර්මාණ බිහිකිරීමෙහිලා පුරෝගාමි වුයේ ඒ උතුම් සම්බුද් දහම අප මුතුන් මිත්තන් තුළකිදා බැස ගත් නිසා නොවේද? නිර්මද දහම ආරාක්ෂා කරගනිමින් මත් පරපුරට දායාද කිරීම ඔබ අපගේ යුතුකම නොවන්නේද? එමෙන්ම ඒ සුපිරිසිදු දහම අනුගමනය කොට සසර මඟ කෙටි කරගැනීමට අදිටන් කරගතයුතුය.
ධර්ම ඤාණය සඳහා
මීපනාවේ අමරවංශ හිමි
New Year Ceremony 新年祝福法要
新年祝福法要
2017年1月1日(日)
16時より開始予定
新しい年の健康と幸福を祝福いたします。
どうぞご参集ください。
New Year's Day ceremony will be held on 1st of January from 4 pm at Hachioji temple. Your presence is greatly appreciated.
正山寺
Hachioji Temple
කඨින මහා පිංකම 2016
මෙවරත් හචිඔජි විහාරස්ථානයේ කඨින පිංකම නොවැම්බර් මස 05 වන දින ( සෙනසුරාදා ) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම
දේශනය, 06 වන දින ( ඉරිදා ) කඨින චීවර පුජාව පැවැත්වීමට කටයුතු සංවිධානය
කර අැත.
නීගතා ප්‍රදේශයේ අභිනවයෙන් අාරම්භ කල විහාරස්ථානයේද මෙවර කඨින චීවර පූජා පිංකම පැවැත්වීමට බලාපොරොත්තු වන්නෙමු. ඒ සදහාද පිංවත් ඔබගේ දායකත්වය ලබා දී උතුම් කුශලය අනුමොදන් වන්න.
තෙරුවන් සරණයි...
at Shouzanji Sakamuni International Buddhist Center
1693-2, Yamada-cho, Hachioji-shi, Tokyo 193-0933
MAP
niigata Temple:- 1135-1 Niigata-ken, Niigata-shi, Minami-ku, Shouze 950-1446
For more Information: Sakamuni International Buddhist Center
042-667-7042 ( hachioji temple )
025-379-8333 ( niigata temple )
නීගතා ප්‍රදේශයේ අභිනවයෙන් අාරම්භ කල විහාරස්ථානයේද මෙවර කඨින චීවර පූජා පිංකම පැවැත්වීමට බලාපොරොත්තු වන්නෙමු. ඒ සදහාද පිංවත් ඔබගේ දායකත්වය ලබා දී උතුම් කුශලය අනුමොදන් වන්න.
තෙරුවන් සරණයි...
at Shouzanji Sakamuni International Buddhist Center
1693-2, Yamada-cho, Hachioji-shi, Tokyo 193-0933
MAP
niigata Temple:- 1135-1 Niigata-ken, Niigata-shi, Minami-ku, Shouze 950-1446
For more Information: Sakamuni International Buddhist Center
042-667-7042 ( hachioji temple )
025-379-8333 ( niigata temple )






