ත්‍රිලක්‍ෂණ න්‍යාය


මෙලොව හටගත්තා වූ සත්ව ප්‍රජාවගේ යථා ස්වභාවය කියැවෙනුයේ ත්‍රිලක්‍ෂණය මඟිනි. මෙය බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මෙහි මූලික ලක්ෂණ තුනකි. අනිච්ච, දුක්‍ඛ, අනාත්ම යනු ඒ ලක්‍ෂණත්‍රය යි. මෙහි ඉගැන්වෙන අනිච්චතාව හා අනාත්මතාව බැහැර කොට දුක්‍ඛතාව හැඳිනගත නොහැකි ය. මෙය ප්‍රායෝගික ජීවිතයට වැදගත් වූ ධර්මයකි. එදිනෙදා ජීවිතයේ දී මෙය අනුගමනය නොකිරීම නිසා විවිධ ගැටලු මතුකරගෙන තිබීම දැකිය හැකි ය. ජීවිතයේ යථා තත්වය හැඳින ගැනීමට ත්‍රිලක්‍ෂණ න්‍යාය වැදගත් ය. හේතු මුල් කර ගනිමින් හටගත් සියල්ල “සංඛත” යනුවෙන් හඳුන්වයි. මෙලෙස සංඛත යන්නෙන් හඳුන්වන්නේ,
1 හට ගැනීම - උප්පාද පඤ්ඤායති
2 වැනසී යාම - වයො පඤ්ඤායති
3 වෙනස් වෙමින් පැවැත්ම - ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති 
සත්ව ප්‍රජාවගේ ජීවිත දෙස බලනවිට මේ අවස්ථා දැක ගත හැකි ය. එක එල්ලෙහිම නොව මේ අවධින් දැකීමට කාලයක් ගත වේ. ජීවිතය සැබෑ මානව ක්‍රියාකාරකම්වලින් බැහැරව නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමඟ ත්‍රිලක්‍ෂණයට භාජනය වන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ දේශනයන් පරීක්‍ෂා කිරිමේදි කිසිවක් ස්ථීර නොවන්නේ ය. නිත්‍ය ද සදාකාලික නොවන්නේ ය. මේ සියල්ලම දුක් සහිතය. මගේ ය මම ය කියා කිසිවක් නොවන්නේ ය. මෙය විශ්ව සම්මතය යථා තත්වයම වන්නේ ය. මේ නිසා අප අල්ලා බැඳගෙන සිටින රූපය ද අනිත්‍ය හෙවත් ස්ථිර නොවන බැවින් දුක් සහිතය.  මේ පිළිබඳ වැටහීමක් ඇති තැනැත්තාගේ නිවැරදි දැක්මට අනුරූපව චරිතය ද ගොඩනැගෙයි.
බුදුවරු ලොව පහළ වී ධර්මය දේශනා කරති. අනිත්‍ය වු ධර්මය අනිත්‍ය වශයෙන් ද දුක් සහිත ධර්මය දුක් සහිත ලෙස ද අනාත්ම වු ධර්මය අනාත්ම වු ලෙස ද අසුභ වු ධර්මය  අසුභ ලෙස ද ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දී තිබේ.  අසීමිත ආශාවෙන් තොර තිලකුණ දන්නා තැනැත්තා ගිජුකමින් ඈත්වන්නේ ය. තථාගතයන් වහන්සේ මිනිසුන් අතර කැපී පෙනෙන උතුමෙකි. ඒ බව තම ශ්‍රාවකයන් වහන්සේලා පවා ප්‍රකාශ කර සිටී. එය මෙපරිද්දෙනි. බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙකි. සියල්ල අවබෝධ කරගත් උතුමෙකි. දැමුණු ඉඳුරන් ඇත්තේ ය. සැනසුණු නිවුණු සිත් ඇත්තේ ය. කිසිවකට කම්පා නොවන්නේ ය. මෙලෙස උන්වහන්සේ වාසය කරන්නේ ය.  ජීවිතයේ යථා තත්වය අවබෝධ කරගත් බැවිනි. බුදුරජාණන් වහන්සේ මිනිසා මුල්කරගෙන අසහාය පර්යේෂණයෙන් බැසගත් නිගමනය වුයේ,
නා හිදං අත්‍ත කතං බිමබං
නහිද පර කථං අගං
හෙතුමපටිචච සමබුතං
හෙතු භංගා නිරුජක්‍ඩති
ජීවිතය අප විසින් හදා ගත්තක් හෝ වෙනත් කෙනෙකුගේ මැවීමක් නොවන්නේ ය. මෙය වෙනස් වීමට ලක්වන්නකි. ජාති, ජරා, මරණ වැනි මූලික දුක්‍ඛයන් අභිබවනය කොට එම දුක් ගිනි නිවා දැමීමෙන් නිවන ලැබීමේ මඟ පෙන්නුයේ මේ තත්වය මතය. සියලුම සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම වෙනස්වීම සිදුවන බැවින්
සබෙබ සංඛාරා අනිචචා
මෙය ඉපදෙමින් නැසෙන සුළු ය. ඒකාන්තයෙන්ම එය සිදුවන බව පෙන්වා දී තිබේ. අප දකින අපේ ජීවිත මෙහොතක් මොහොතක් පාසා වෙනස් වෙන බව පැහැදිළි ය. ඇතැම් විට එලෙස වෙනස් වෙනවාට අප ප්‍රියක් නොදක්වමු. නමුත් එය ලෝක ස්වභාවයම නොවන්නේ ද? එබැවින් කා හටත් තේරුම් ගැනීම පහසුව පිණිස තථාගතයන් වහන්සේ ඒ සඳහා උපමාවකින් කරුණු පැහැදිළි කර ඇති ආකාරය නඛසිඛොපම සුත්‍රයෙන් පැහැදිළි කර තිබේ. නියපිටට පස් බිඳක් ගෙන ඒ තරම්වත් ස්වල්ප වූ රූපා දී කිසිවක් ස්ථිර නොවන බව පෙන්වා වදාළේ නිත්‍ය කිසිවක් නොවන බව හා ත්‍රිලක්‍ෂණ ධර්මයට සැවොම යටත්වන බව ප්‍රකාශ කරමින් ය.  පඤ්චස්කන්‍ධයේ ස්වභාවය නම් එකසේ පැවැත්ම නැතිවන අතර අනිත් ආකාරයට වෙනස් වීමය. සත්ව තුළ වෙනස් නෙවන ස්ථිර ජීවයක් හෝ ආත්මයක් නැති බව ඉහත කී විස්තරයෙන් පෙනේ. ඉන්ද්‍රියන්ගේ හික්මීම මත මෙය නවතා ගැනීමට හැකි ය. යමෙකුට මේ පිළිබඳ යම් වැටහිමක් අවබෝධයක් ඇතිකර ගනිමින් මනස හික්මවත්ම ඔහු මාර බන්‍ධනයෙන් නිදහස් වේ යැයි ධම්ම පදයෙන් පෙන්වා තිබේ.
සියල්ල අනිත්‍ය යැයි සංකල්පනය කොට එමගින් මමත්වය පිළිබඳ ආත්මීය සංකල්ප  බැහැර වීමෙන් තෘෂ්ණා දෘෂ්ඨි ප්‍රහාරණයට මඟ පෑදෙන බව බූදු දහමේ බොහෝ සූත්‍ර මඟින්  අනාවරණය කර තිබේ.
සබෙබ සංඛාරා අනිචචාති
යදා පඤඤාය පසසති
අථ නිබබිනදති දුfක්‍ඛ
එසමගෙගා විසුදධියා
යමෙක් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි නුවණින් දකී ද එවිට දුකෙහි කළ කිරෙයි. එය විමුක්තියට මාර්ගයයි. ඉන්ද්‍රියන්ට සිතූ සේ හැසිරෙන්නට ඉඩ නොදිය යුතු ය. රෝග පීඩා දී කරුණුවලින් සිත් දැවීම රිදීම ආදියෙන් පීඩා විඳින්නේ මේ වෙනස්වන ලක්‍ෂණ හැඳින ක්‍රියා කිරීමේ ශක්තිය නොමැති කල ය. මේ පිළිබඳ පොදු වැටහිමක් ඇතිව තිබෙන්නේ නම් වෙනස් වෙන තත්වය තේරුම් ගෙන ශෝකය මැඩගත හැකි නොවන්නේ ද? ශරීරය කෙතරම් පැහැපත් වුව ද එහි වෙනස්වීම පැවැත්ම විනිශ්චය පොදු වු ධර්මයක් බැවින් මමය මාගේය කියා බැඳ තබා ගැනීම නොකළ යුතු ය. මානව වර්ගයාගේ ජීවිතය ත්‍රිලක්‍ෂණ  න්‍යාය ධර්මයට යටත් වන බැවින් අවබෝධයෙන් මුහුණ දීම වැදගත් ය. තිලකුණු දහම පිළිබඳ වැටහීමත් සමඟ මෙබඳු පුද්ගලයා අටලෝ දහමින් කම්පා නොවන්නේ ය.
ථුටඨසස ලොක ධමෙමහි චිතතං යසස න කමපති
නොසැලී එඩිතරව එයට මුහුණ දෙනු ලබයි. සත්‍ය අවබෝධය නිසා ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පුරුදුකම් ඇති සත්වයා වෙනස්වීමට, ජරාවට, දිරීමට, පලුදුවීමට, වයෝවෘද්ධත්වයට පත්වන හෙයින් යොවුන් විය නිත්‍ය නොවන බැවින් ජීවිතය අවසාන් වන්නේ මරණයෙන් කෙළවර වීමෙන් බව සිහිතබා කටයුතු කරන්නේ නම් ත්‍රිලක්ෂණ ධර්මය පිළිබඳ අවබෝධය වැදගත් ය.
මීපනාවේ අමරවං හිමි

ජගද්දලා විශ්වවිද්‍යාලය


ක්‍රිථව 1077-1129 පාලවංසයේ රජවරුන් වූ රාමපාල රජු විසින් ස්ථාපනය කරන ලද ඥානය පිළිබඳ ශ්‍රේෂ්ඨතම ආයතනය ලෙස ජගද්දලා විශ්වවිද්‍යාලය හඳුන්වා දිය හැකියග මෙම සරසවිය පිහිටා තිබුණේ බෙංගාලයේ ඩැකා නුවරින් සැතපුම් තිහක්  පමණ දුරින්යග මෙය රමණීය ගංගානම් ගඟ අසබඩ රමාවතී රාජ්‍යයට අයත්ව පැවති බව විද්වතුන්ගේ අදහසයිග වත්මනයේ විද්වතුන් ජගද්දලාව පිහිට තිබු ස්ථානය පිළිබඳව තීරණය කිරීමේදී විශාල මතභේදයකට තුඩ දී තිබේග එච්ගපී ශාස්ත්‍රීය මෙය පෙරදිග බෙංගාලයේ පිහිටා තිබුණේ යැයි අදහසක් ඉදිරිපත් කරයිග1 ගංගානම් ගඟ සහ කරතෝය නදියේ සංගමයේ ජගද්දලා විශ්වවිද්‍යාලය පිහිටි ප්‍රදේශය ලෙස එන්ගඑන් දාස්ගුප්තගේ අදහසයිග2 මෙම ආයතනයේ ඉතිහාසය දෙස බැලීමේදී වසර සියයකට අධික අතීතයකට උරුමකම් කියනු ලැබේග රාමපාල රජුගේ ජීවන කතාව හා රමාවතී නගරය ගැන වර්ණනා කරමින් රාමපාල රජුගේ රාජසභා කවියා වූ  ර්‍ණසන්ධ්‍යාකරනන්දි ” විසින් රාමචරිත මහා කාව්‍යයයේ තුන්වන සර්ගයේ ප්‍රසිද්ධ ජගද්දලා විශ්වවිද්‍යාලය පිළිබඳව හා රමාවතී නගරය පිළිබඳ එම කාව්‍යය තුළින් කදිමට වර්ණනා කර තිබේග3 මෙම උසස් කේන්ද්‍රස්ථානය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන්ද විශිෂ්ට අධ්‍යාපන ආයතනයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලනු ලැබීයග උක්ත සරසවියේ අධ්‍යාපන පටිපාටිය හා පරිපාලන ව්‍යුහය පිළිබඳ සඳහන් කිරීමේදී ජගද්දලා විශ්වවිද්‍යාලය නාලන්දා විශ්වවිද්‍යාලයේ අභාෂය අනුව ක්‍රියාත්මක වී තිබු බවත් එම සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන ආ බවත් බොහෝ උගතුන්ගේ විශ්වාසයයිග
ජගද්දලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික තත්වය විමසා බැලීමේදී තාන්ත්‍රීක බෞද්ධ ධර්මය අග්‍රස්ථානයක් බවට පත්ව තිබුණිග ජගන්දලා විශ්වවිද්‍යාලයේ වැඩ සිටි මහා පඬිවරු ලෙස විභුති චන්ද්‍රල දානසීලල ප්‍රභාකරල මොක්ෂකර ගුප්ත යන තෙරවරු වුහග4 මධ්‍යතන යුගය වන විට ජගන්දලා විශ්වවිද්‍යාලය ඥානයේ ශේෂ්ඨතම  මධ්‍යස්ථානයක් බවට පත්වියග එය සතර දිග ප්‍රචලිතව පැවති බවට ප්‍රතීයමාන වේග මෙම සරසවියේ පැවති සුවිශේෂී ස්ථානය ලෙස පුස්තකාලය හදුන්වා දිය හැකියග මෙහි අග්‍රගන්නයේ ග්‍රන්ථ රාශියක් පැවති බවත් එක හා සමානව එම ග්‍රන්ථයන් මෙහි ආචාර්ය වරු මෙන්ම විද්වතුන්ද දේශීය හා විදේශීය ශිෂ්‍යයන්ද සම ලෙස ප්‍රයෝජනයට ගත්තෝයග කීර්තිමත් ආචාර්යවරුන්ගේ නම් වලින් සහ උන්වහන්සේලාගේ ග්‍රන්ථ රචනා සමුහයක් පැවති බවත්ල එම විදු බිමේ ම අධ්‍යන කටයුතු කල දාන සීල තෙරුන් ටිබෙට් බසට රචනා කල පොත් සමුදායකින් යුක්ත බැවින් හා එම ග්‍රන්ථයන්ද මෙහි තිබෙන්නට ඇතැයි උගතුන්ගේ විශ්වාසයයිග එවන් ග්‍රන්ථ අතරින් වැඩි කොටසක් පැවතියේ තාන්ත්‍රික බෞද්ධ විෂයයට අදාල වන ග්‍රන්ථයන්යග ජගන්දලා සරසවියේ විද්‍යාර්ථයෙකු ව සිටි මොක්ෂකර මුක්ත හිමියන් අධ්‍යාපන කටයුතු අවසන් කර මෙම සරසවියේම ඉගැන්වීම් කටයුතු කළ අතර අවසාන අචර්යවරයාද වුහග මෙම උසස් අධ්‍යාපන  මධ්‍යස්ථානය තුළ බෞද්ධ ධර්මයේ තිබ්බතී මධ්‍යස්ථානය සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා තිබේග මෙය තහවුරු කිරීමට තරම් සාධක හමුවේග ඒ අතර සංස්කෘත ග්‍රන්ථ තිබ්බතීය භාෂාවට අනුවාද කළ විද්වත් තිබ්බතී අනුවාද කරුවන්ගේ දීර්ඝ සුචීයෙන් එම සාධකය තහවුරු කල හැකග5
ජගන්දලා විශ්වවිද්‍යාලයේ කීර්තිය ලොව පුරා පැතිරී තිබුණි ගඑම අධ්‍යාපන ආයතනයේ අධ්‍යන කටයුතු වල නිරත වීම සඳහා දේශීය ශිෂ්‍යන් පමණක් නොව විදේශීය ශිෂ්‍යයන්ද පැමිණි බවට සාධක ඇතග කාශ්මීර භික්ෂුන් වහන්සේ නමක් වූ ශාක්‍ය ශ්‍රී භද්‍ර හිමි බෞද්ධ විද්‍යා කේන්ද්‍රස්ථානයක් නැරඹීම සඳහා පැමිණි අවස්ථාවේ නාලන්දාල ඔදන්තපුරල වික්‍රමසිලා යන විශ්වවිද්‍යාලයන් වල විනාශය දැක නැගෙනහිර දෙසට සංක්‍රමනය වූ අවස්ථාවේ එම භික්ෂුව මෙහිදී ජගන්දලා විශ්වවිද්‍යාලය දැක එම ස්ථානයට පැමිණ වසර තුනක් පමණ එහි නේවාසිකව සිටිමින් එම සරසවියේ එවකට ආචාර්ය භික්ෂුන් වහන්සේ නමක් ව වශයෙන් කටයුතු කරණු ලැබූ සුභකරගුප්ත තෙරුන් වහන්සේ හමුවී එහිදී උන්වහන්සේ සමඟ සංස්කෘත තාන්ත්‍රික ග්‍රන්ථයකල සංස්කෘත ටීකාවක තිබ්බතීය අනුවාදය තන්ජුර්හි සංග්‍රහ කර තිබේ ගමෙම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ සිටි ශිෂ්‍යන් අතර අති දක්ෂම ශිෂ්‍යයන් ලෙස දාන සීල හා විභුති චන්ද්‍ර යන දෙදෙනා  දක්ෂතම ශිෂ්‍යන් වශයෙන් කටයුතු කර ඇති බව ගම්‍යය වේග ඔවුන් විසින් ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර තිබේග එමෙන්ම මෙම විශ්වවිද්‍යාලයේ ම ආචාර්ය වරයෙකු වූ ශාක්‍ය ශ්‍රී චන්ද්‍රගේ විද්වත් ශිෂ්‍යන් දෙනමක්ද වියග ඔවුන් භාෂා දෙකක්ද දැන සිටියහග එය තිබ්බතල සංස්කෘත භාෂාවන්යග මෙතුළින් පැහැදිලි වන්නේ  විදේශීය භාෂාවන් ද ඉගැන්වීමට ලක්කර තිබු බව විද්‍යමාන වේග මෙම උසස් අධ්‍යාපන ආයතනයෙන් ලබාදුන් උපාධීන් අතර පණ්ඩිතල මහා පණ්ඩිතල උපාධ්‍යායල ආචාර්ය යන උපාධින්යග මෙහි පැවති විභාග පටිපාටිය හා බදවා ගැනීමේ ක්‍රමය නාලන්දා විශ්වවිද්‍යාලය වැනි ආයතන වල පැවති සම්ප්‍රදායන්ට බොහෝ සෙයින් සමාන ආකාරයටයග
තවද මහායාන ධර්මයේ ප්‍රධාන විෂය ධාරාවක් වන හේතු විද්‍යාව:තර්ක ශාස්ත්‍රය* පිළිබඳ අධ්‍යනය ස්වකීය ශිෂ්‍යන් විසින්ම සමීක්ෂණ හා නිගමනයන්ට එළඹ කැපවීමෙන් මෙම සරසවිය තුළ අධ්‍යන කටයුතු නිසි පරිදි සිදු කළ බව පැහැදිලියග එවන් ශිෂ්‍යන් අතර මොක්ෂකර ගුප්ත වැනි විද්වතුන් උදහරණ වේග
 ර්‍ණඉති-ශ්‍රීමත්-රාජ-ජගද්දල විහාරයේ මහායානී ශ්‍රීමත් භික්ෂු මොක්ෂාකර ගුප්ත විසින් රචිත තර්ක භාෂාවේ පරර්ථානුමාන නම් තෘතිය පරිච්ඡේදය සමාප්ත වේග” මෙවන් ආකාරයට ජගන්දලා විශ්ව විද්‍යාලයේ විද්වතෙකු විසින් කෘෂ්ණ රචිත සංවර ව්‍යාඛ්‍යාව අනුවාදය කළේයග6 ජගන්දලා විශ්වවිද්‍යාලය දසක දහයකට අධික කාලයක් වැජඹුණ ද දහතුන්වන සියවසේ පැමිණි මුස්ලිම් ආක්‍රමණ හමුවේ ක්‍රිගව 1207 දී පමණ මෙම ආයතනය සම්පුර්ණයෙන් විනාශමුඛයට ලක්කර තිබේග පුරා විද්‍යාත්මක කැණීම් කටයුතු තවමත් සිදුවී නොමැති අතර පුරාවිද්‍යා කැණීම් කළ විට ජගන්දලා විශ්වවිද්‍යාලයේ නෂ්ටාවශේෂ මෙන්ම අනෙකුත් වටිනා දෑ සම්භාරයක් ලැබෙන්නට ඉඩකඩ ඇතග                         

ආන්තික සටහන්
1 විජිතධම්ම හිමිලසියඹලාගහාරුප්පේලභාරතීය බෞද්ධ සිද්ධස්ථානල2013ලඇස්ග ගොඩගේ සහ සහෝදරයෝලකොළඹ 10ග පිග182ලග
2 එමලපිග 182ලග
3      එමලපිග 181ලග
4 සිරි රාහුල හිමිල අත්තුඩාවේල බෞද්ධ ශිෂ්ටාචාරය 1993ල ඇස්ග ගොඩගේ සහ සහෝදරයෝලකොළඹ 10     පිග32ලග
5      විජිතධම්ම හිමිලසියඹලාගහාරුප්පේලභාරතීය බෞද්ධ සිද්ධස්ථානල2013ලඇස්ග ගොඩගේ සහ සහෝදරයෝලකොළඹ 10 පි183ලග
6 එමලපීග186
                                                    


                                      මීපනාවේ අමරවංශ හිමි