වෙසක් පිංකම

ජපානයේ තෝකියෝ සකමුණී  බෞද්ධ  මධ්‍යස්ථානාධිපති විහාරගොඩ පුරාණ මහාවිහාරය ඇතුලු සප්තමහා විහාරස්ථානයන්ගේ අධිපති උඩරට අමරපුර  මහනිකායේ අනුනායක ජපානයේ ප්‍රධාන සංඝනායක විහාරගොඩ ධම්මිස්සර  විද්‍යායතන මහපිරිවෙනේ අධ්‍යක්ෂක මහෝපාධ්‍ය විශ්වකීර්තී අතිගරැ යාලගමුවේ  ධම්මිස්සර  අනුනායක මාහිමිපාණන්  වහන්සේගේ අවවාද අනුශාසනා හා අරාධනයෙන් රාජකීය පණ්ඩිත වරකාගොඩ ඥාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනායක මහිමි පාණන් වහන්සේ  හා උඩරට අමරපුර මහ නිකායේ මහානායක විදුරැපොල සිරි පියතිස්ස පිරිවෙන් විද්‍යායතනයේ හිටපු පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ගාස්ත්‍රවේදී මහෝපාධ්‍යාය නුවරඑළියේ  චන්ද්‍රජෝති මහනායක මාහිමිපාණන්  වහන්සේ මාලබේ සුසිතපුර අසෝකාරාමය ඔබේසේකරපුර අභිනවාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති  සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක මාහිමිපාණන්  වහන්සේ මුතියංගණ රජමහා විහාරස්ථානයේ  භාරකාර හිමිපාණන්  වහන්සේ. අනුරාධපුර  අභයගිරි  රජමහ විහාරධිපති හිමිපාණන්  වහන්සේ  ඇතුලු  මහාසංඝ රත්නයේ වැඩම කිරීමෙන් අති උත්කර්ෂවත්  අන්දමින් මෙවර වෙසක් පිංකම සිදුකෙරෙනි. මෙවරත් දන්සල පවත් වනු ලැබුවේ ධම්මික ජයනන්දන මහත්මා හා අජිත් මහත්මාගේ ප්‍රධානත්වෙයෙනි.ආමිස පුජාවන්ට හා ප්‍රතිපත්ති පුජාවන්ට  මුල්තැන දෙමින් කටයුතු කල  අතර ජපානයේ වෙසෙන ශ්‍රී  ලංකික පින්නතුන් විශාල පිරිසක් සහයෝගය  ලබාදුන් අතර හැමදෙනාගෙම සහයෝගයෙන් පිංකම නිමාවට පත්විය.