මිනිසාගේ සම්භවය හා පරිණාමය


බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට උපත සිදුවන්නේ අණ්ඩජ, දලාබුජ, සංසේදජ, ඕපපාතික වශයෙන් බව සංයුක්ත නිකායේ නාග සුප්පවණ්ණ වග්ගයේ සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ විග්‍රහයේ දී උපතක් සිදුවිය හැකි ක්‍රම හතරක් පිළිබඳ විග්‍රහයක් කර ඇත.  නූතන සමාජය තුළ සත්වයෙකුගේ පහළවීම ලෙස හඳුන්වන අවස්ථාව වන්නේ කිසියම් මව්කුසකින් උපදින අවස්ථාවයි. දුර අතීතයේ විසූ මිනිසුන් දරුවකු මව්කුස පිළිසිඳ ගැනීම හා මව්කුසෙන් දරුවෙකු බිහිවීම යන මේ සිද්ධිදාමය ශවුන් හඳුන්වා දෙන්නට යෙදුනේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වශයෙනි. හින්දු සමාජය තුළ ලිංග පූජා ආදිය පවත්වමින් උපතට දේවත්වයක් ආරෝප කිරීමට උත්සහ දරා තිබේ. මේ ලක්ෂණය නූතන ජන සමාජ ක්‍රමය තුළින් ද දක්නට ලැබේ. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ භාරතයේ පහළ වූ ශ්‍රේෂඨතම උත්තමයන් වූ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දිය හැකි ය. උන්වහන්සේ නිර්මාණවාදය පසෙකට දමා සත්වයාගේ ආරම්භය සිදුවන ආකාරය විග්‍රහ කර තිබේ. සත්වයාගේ පහළ වීම සිදුවන්නේ දෙදෙනෙකුගේ එකතුවීමක් පදනම් කරගෙනය. එමෙන්ම මව ඍතුමත් වීම හා ගන්ධබ්බයෙකුගේ පැමිණීම හෙවත් විඤ්ඤාණයක් මව් කුසට ඇතුල් වීමෙන් කළලයක් හටගැනීම ට හේතු වේ.  මෙකී කරුණු තුන සම්පූර්ණ විමෙන් පසු කළලයක් හට ගැනීමට කර්මය, අන්තරාභවය ඒ පිළිබඳ ගැඹුරින් හා පුළුල් විග්‍රහයක් ආගමික සම්ප්‍රදායන් මඟින් ඉදිරිපත් කර ඇත. සත්වයාගේ හට ගැනීම සඳහා සාධක වන තවත් ලක්ෂණයක් නම් පදාර්ථයන්ගේ එකතුවීමක් ද අවශ්‍ය වේ. සංයුක්ත නිකායේ සේලා සූත්‍රයේ දී ජීවය හටගන්නේ කෙසේද? නිර්මාණය කළේ කවරෙක් විසින් ද යන ප්‍රශනයට කදිම පිළිතුරක් ලබාදෙන සේලා භික්ෂුණිය ජීවිතය යනු තමා විසින් ම නිර්මාණය කර ගන්නා ලද දෙයක් ද නොවන බවත් අන් අය විසින් සාදන ලද දෙයක් නොව මෙය හේතු මුල්කරගෙන හටගන්නක් බවත් හේතු බිඳීමෙන් එය ද විනාශ වන බව පවසා තිබේ.  මෙතුළින් නිර්මාණවාදය බුදුදහම විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. යම් බීජයක් තිබූ පමණින් හටගන්නේ නැත. එය හට ගැනීමට හේතු සාධක බලපායි. මේ හේතු කරණ කොටගෙන බීජය හටගනී. මහාතණ්හාසංඛය සූත්‍රයේ දී සත්වයාගේ පහළ වීමට සංඛාර ආදී හේතු ප්‍රත්‍යයන්ගේ මූලිකත්වය උපදින බව පෙන්වා දී තිබේ.  “ජාතයවාභූතය” යනාදී වශයෙන් අට්ඨකථාව තුළ ද සඳහන් කර තිබේ. “සම්පඤඤාය පසසතො පංචසකන්‍ධය ජාතය, භූතය”  නිපන් යැයි තතු සේ දක්නට හුය. එමෙන්ම තවදුරටත් විග්‍රහ කරන්නේ නම් මවක් ඍතුමත් වීම සිදුවිය යුතු බවත් ස්ත්‍රියකගේ යම් අවකාශයක දරුවා උපදී ද එහි මහත් වූ ලේ පිලාවක් පිහිටා බිඳී වැගිරෙයි. වස්තුව පිරිසිදු වේ. මෙසේ වූ පසු සත්දවසක් තෙක් පිළිසිඳ ගැනීමට සුදුසු කාල පරාසය යැයි අට්ඨකථාවේ කියැවේ. “මාතාච උතුනී හොති”  මවුකුසක නාමරූප හටගන්නේ විකල නොවූ හේතු රාශියක් එක්වීමෙනි. දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයේ දැක්වෙන අන්දමට සතරමහාභූත රූපවලින් හටගන්නා බවත්, පඨවි යනු තදගතිය, ආපෝ නම් වැගිරෙන ගතිය, තේජෝ නම් උණුසුම් බව, වායෝ නම් වාතය යන සතර එක්වීම බලපාන බවයි.  මජ්ක්‍ධිම නිකාය අටුවාව මේ පිළිබඳ අදහස් දැක්වීමේ දී දරුගැබක් හටගන්නා ආකාරය විග්‍රහ කිරීමේ දී මවුපියන්ගේ එකතුවිමෙන් සත්දිනක් ගතවන තුරු පිරිසිදු අවකාශයේ දරුවෙකු පිළිසිඳ ගන්නා බවත්, මේ කාලසීමාවේ සිදුකරණු ලබන මෙවන් ක්‍රියා කලාපයෝ එනම් මවගේ අත් ඇල්ලීම, හිස පිරිමැදීම, පිළිසිඳ ගැනීම යන ක්‍රියා කලාපයන් තුළින් පිළිසිඳ ගන්නා බව සඳහන් කෙරේ.  මේ කාලය තුල දී බිරිඳකට ආදරය දැක්විය යුතු කාලය බව මෙයින් කියා පා තිබේ. මහානිදාන සූත්‍රයට අනුව විඤ්ඤාණය, නාමරූප වෙත බැසගැනීම, එයින් ඉවත්වීම පිළිබඳ අදහස ප්‍රකටවම ප්‍රකාශයට පත්වේ. මේ තුළින් ද ප්‍රතීයමාන වන්නේ පවතින විඤ්ඤාණ පරම්පරාව ට අයත් විඤ්ඤාණයක් එළඹීම මඟින් ද කිසියම් විඤ්ඤාණයක් පිටවීමත් සමඟ උපතක් සිදුවිය හැකි බවයි. විඤ්ඤාණ ශක්තිය සකස්කර ගන්නා අපි දකින නොදකින සියලු දේ නියාම ධර්ම පහකට යටත් වේ. මෙම නියාම ධර්මයන්ට අවනත නොවී කටයුතු කළ නොහැක. මෙයට යටත් විය යුතු ය. විඤ්ඤාණ ශක්තියෙන් උපත ලබන දෙය විඤ්ඤාණ ශක්තියට යටත්වන නිසා විඤ්ඤාණය නිරෝධ කිරීමෙන් නියාම ධර්මයන් ට යටත් නොවී ක්‍රියා කළ හැකි ය. “ගනධබෙබා පචචු පටඨිතො හොති”  විඤ්ඤාණය මවුකුස අල්ලාගන්නා බව මෙහි දී විග්‍රහ කොට තිබේ.
මව්කුසක කළලයක් හට ගනුයේ කුමන කරුණකින් ද කිසියම් සත්වයෙකු මවුකුසක හට ගන්නේ ද “කථනත්‍වයං මජජති ගබභරසමිං”  මව්කුසක කළලයක් හට ගන්නා මුල් අවස්ථාව හෙවත් කළල අවස්ථාව ක්‍රම ක්‍රමයෙන් වර්ධන ක්‍රියාවලිය සිදු වේ.  උසස් දිවියක් ගත කිරීමට ත්‍රිහේතුක කුසල විපාකයන් ද හේතුවේ.  මේ කුසල විපාකයන් ගේ බලපෑම හිමි වන්නේ සසර පින් ඇති සත්වයන්ට ය.  ඔවුන් සමාජයේ කැපී පෙනෙන්නන් බවට පත් වේ.  දිහේතුක විපාකයන් මත පිහිටා උපදින සත්වයන් ද සමාජයේ වෙසෙති.  කුමන කරුණක් මත හෝ පිහිටා සත්වයා මවු කුසක් අල්ලා ගත්ත ද මුල් ම අවධිය වන්නේ කළල අවස්ථාව යි.  මේ කළල අවස්ථාව හට ගන්නා ආකාරය විග්‍රහ කරනු ලබන්නේ මැස්සෙකු තුඩින් වරක් උරන කුඩා බිඳුවක් තරම් කුඩා අවධියක් වශයෙනි.  ඛුද්දක භාණ්කාචාරියෝ ජාතිමත් එළුලොමක් (උණණ) ශුද්ධ ගිතෙලෙහි ගලා යටිකුරු කල කල්හි වැගිරෙන ගිතෙල් බිදක් පමණ යැයි කියති.  සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රය තුළ සත්ව රූපය හට ගන්නා ආකාරය ඉන්දක නම් යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේ දී ඔහුට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ පළමුව කළල රූපය හට ගන්නා බවත් දෙවනුව එය වර්ධනය වී අබ්බුද බවට පත්වන බවත් එය මේරීමෙන් පසු පේශී ඇතිවන අයුරුත් ඉන්පසු ඝාණ නම් තත්වයකට පත්වන බව හා අත්පා වැඩීම ඉන්පසු සිදුවන අයුරු හා මව ගන්නා ආහාරයෙන් දරුවා යැපෙන බව පසක් කර දී තිබේ.
“පඨමං කලලං හොති කලලා හොති අබබුදං
අබබුද ජායතෙ පෙසී පෙසී නිබබනතති ඝනො
ඝානා පසාඛා ජායනති කෙසා ලොමා නාඛා පිච
යඤඛසස භුඤජතෙ මතා අනනං පානඛෙ භොජනං
තෙන සො නත්‍ථි යාපෙති මාතුඤචජිගතො නරොති”
මේ පිළිබඳ අටුවාචාරීන් වහන්සේලාගේ අවධානය යොමු වීමේ දී
“තිලතෙලසස යථා බිනදු සනපිමණෙඛා අනාමෙලා
එවං වණණ පටිභාගං කලලං සමපවුචචති”
තල තෙල් බිදුවක් පිරිසිදු ගිතලෙහි බිඳක් යම්සේ වේද එබඳු වර්ණයක් කළලයක් යැයි කියනු ලැබේ.  මේ තුළින් මව්කුසක ලැග ගන්නා ආකාරය පැහැදිලි ය.  කළල රූපය හට ගන්නේ කම්ම, චිත්ත, ඝෘත, ආහාර යන කරුණු හේතුවෙනි. ප්‍රතිසන්ධිය වශයෙන් හඳුන්වන්නේ ද බුදු දහමේ “ජාතිය” වශයෙනි.  සච්චවිභංග සූත්‍රය තුළ ජාතිය යන්න පිළිබඳ කදිම විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. “මහණෙනි ජාතිය යන්න කවරේද? ඒ ඒ සත්ව යෝනියෙහි පහළවීමත් ස්කන්ධයන්ගේ පහළ වීමක් හා ආයතනයන්ගේ පහළ වීමක් වේද ඇවැත්නී එය ජාතිය යැයි කියනු ලැබේ.”  බෞද්ධ විග්‍රහය තුළ එලෙස අර්ථ ගන්වා තිබේ.  කළලයක් සංවර්ධනය වීමට නම් දින හතක් පමණ කාල පරාසයක් ගත වේ.  දෙවන සතිය තුළ දී මෙය අබ්බුද යන නාමයෙන් හඳුන්වා දී තිබේ. මෙය පෙරලෙමින් පවත්නා තත්වයකි.  එය මත්‍යසයෙකු ජලය බදුනක දැමුවා හා සමානය. අබ්බුද දින හතත් ගෙවුනු පසු උණුකළ ඊයම් වැනි දෙයක් මෙන් සමාන වූ පේශී නම් දෙය හට ගැනීම සිදු වේ.  පෙරලෙමින් පවතින තත්වය මඟ හැරී ඊළඟ සතිය තුළ දී හෙවත් තුන්වන සතියේ දී පේශී තත්වය ඉවත් වී තද ස්වරූපයකට පත්වන කළලය ඝාණ යනුවෙන් හඳුන්වන තත්වයට පත්වේ. “පෙගී නිබබතතතී ඝාණො”  මේ ගතිය ද මඟ හැරී අත්පා වැඩීම සිදුවෙන තැන් උස්ව වැඩි එකොළොස්වන සතිය තුළ ඛක්‍ඛු, සෝත, ඝාණ, ජිව්හා පහළ වේ.  මව ගන්නා ආහාර රූපය හේතුවෙන් වැඩීම සිදුවේ.  යම් වෘක්‍ෂයක් පතුවලින් හා මුල්වලින් ලබා ගන්නා වූ රසෝජාවෙන් එම වෘක්‍ෂය වැඩෙන්නාක් මෙන් දරුවාගේ රූප කලාපය වැඬේ  සත්වන මාසය වන විට අංග සම්පූර්ණ සිරුරකට හිමිකම් කියාපායි.  මහා තණ්හාසංඛ්‍යය සූත්‍රය තුළ දී බිලිඳෙකුගේ සිරුර වැඩෙන ආහාර හතරක් දක්වා තිබේ.
1ග කබලීකාර ආහාර - සාමාන්‍ය ද්‍රව්‍යමය ආහාර එනම් කෑලිවලට කඩා විකා අනුභව කරන ආහාර.
2ග එස්සාහාර - ඇස්, කණ්, ආදී පසිඳුරන්ගෙන් ගැටෙන දෙපිළිබඳ දැන ගැනීම ස්පර්ශයෙන් ලබන ආහාර.
3ග මනෝ සංචේතනික ආහාර - ඉන්ද්‍රිය අරමුණු වන දේ පිළිබඳ විමසා බලා ශක්තිය දියුණු වීම.
4ග විඤ්ඤාණහාර - ඉන්‍ද්‍රිය ගෝචරය කිරීමෙන් අරමුණු වෙන් ව හැඳින ගැනීමෙන් ලබන ආහාරය.
මවු කුස තුළ සිටින දරුවා මවගේ ආහාරපාන ලබා ගන්නේ මවගේ උදර පටලය හා ඒකාබද්ධ වීමෙන් ආහාර රසය ප්‍රත්‍යය කරගෙනය.  මෙලෙස බිළිඳෙකු කර්ම ශක්තිය අනුව ඉත්‍ථිභාව හා පුරුෂභාව යන ස්ත්‍රී පුරුෂ භේදය මත “මාතුකචඡිගතොනරො”  මව්ගේ කුසෙහි හරස් අතට සිට දසමසක් ඇවෑමෙන් පසු බිහිවේ.  නූතනය වන විට දරුවන්ගේ බිහිවීම මාස හතෙනුත් සිදුවෙන අතර ඉන් ඉදිර මාසවලදීත් මෙන් ම දසමසක් සපිරීමෙන් ද දරු උපත් සිදුවේ.  දසමසක දී බිහිවන දරුවා පින්වන්ත දරුවෙකු ලෙස ධර්මයේ හඳුන්වා දී තිබේ.  “ගබබසස අවතකනති’ හොත”  නව මසකින් හෝ දසමසකින් දරුගැබ කුසෙහි දරා සිටීමෙන් අනතුරුව දරු ප්‍රසූතිය සිදු කරන බව බුදුදහම පෙන්වා දී තිබේ.  මව්කුසක නිසි පරිදි දසමසක් ගත කරන්නේ බුද්ධත්වයට පත් වන්නට පාරමී පූරණ ලද බෝධිසත්වවරුන් ය.
ප්‍රතීත්‍යසමුත්පාද සිද්ධාන්ත ණය ක්‍රමයට අනුව පරිණාමය ක්‍රියා මාර්ගය සිදුවෙන අයුරු පෙන්වා දී තිබේ.  මිනිස් ජීවිතය හා ලෝකය ගැන විවරණය කරන අවස්ථාවේ දී එහි මූලාරම්භය දැන ගැනීමට නොහැකි බව බුදුන් වහන්සේ අවධාරණය කළහ.  සෘතු විපර්යාසය මගින් සිදුවන බවත් පෙන්වා දී තිබේ.  මිනිස් සමාජයේ පරිණාමයට මූලික හේතූන් වශයෙන් ආත්ම උනන්දුව (ීැකf-සබඑැරුිඑ) හා අන්‍යොන්්‍ය ආත්ම උනන්දුව (පමඑම්ක ිැකf සබඑැරිඑ)ඉදිරිපත් කළහ.
මිනිස් වර්ගයාගේ පරිණාමීය ක්‍රියාවලිය ආකස්මික අද්භූත බලයක ප්‍රතිඵලයක් නොව එය ක්‍රමිකව සිදුවූ සිද්ධි දාමයකි.  මානව සංහතියේ පරිණාමීය ක්‍රියාවලිය දෙස බැලීමේ දී අග්ගඤ්ඤ සූත්‍රයට වැදගත් තැනත් හිමිවේ.  මිනිස්ලොව ජීවත් වී යහපත් ක්‍රියාවල නිරත ව එයින් නික්ම ගොස් ආභස්සර දිව්‍ය ලෝකයේ ඉපිද නැවත චුතවී පෘථිවිතලය ඇසුරුකොට ඕපපාතික සත්ව කොට්ඨාසයක් නමින් බිහි වූ කල්හි ප්‍රීතිය ආහාරය කොට ජීවත් වූ නමුදු පසුකාලීනව ක්‍රමිකව පරිණාමිය ක්‍රියාව සිදුවිය.  මිනිසාගේ පරිණාමීය ක්‍රියාවලිය මෙම ඉගැන්වීමට අනුව සිදුවනු ලබනුයේ ඕපපාතිකව හටගත් සත්වයා ප්‍රීතිය ආහාරය කොටගෙන ය. “අහුමහ පිතිභක්‍ඛා යයමපභා”  ප්‍රියවන තෘෂ්ණාව පැමිණීමත් සමග ය.  එසේ ම රස පොළොව ආහාරය වශයෙන් ගැනීම ද සිදුවිය.  ආහාර සෙවීමට යොමුවීම පරිණාමයේ තවත් සාධකයක් ඉදිරිපත් කිරීමකි.  මානවයාගේ පරිණාමීය ක්‍රියාවලියේදී සෙතවණණ හා සුබ්‍රවණණ භේදයත් සිදුවිය.  රළු ආහාරවලට යොමු වීමත් සමග ලිංග භේදය ඉන් ආරම්භ විය.  ස්ත්‍රී පුරුෂ යන භේදය මුලින් ම සිදු වී තිබේ.  පූර්ණ මනුෂ්‍යයන් වශයෙන් ස්ත්‍රී භාවය හා පුරුෂ භාවය වශයෙන් භාවරූපයන් ඇතිවීම සිදු විය.  එතැන් පටන් ලිංගික සංසර්ගයට මිනිසා යොමුවීම සිදු විය.  මෙයින් පසු මානව සංහතිය වර්ධනය වීම සිදුවූවා විය හැකි ය.
මානවයා වැඩිවීමත් සමග ම මිනිස් සංහතියේ නව යුගයක් උදාවීම සිදුවී තිබේ.  මිනිසුන් මුල් කාලයේ දී විවිධාකාරයේ යොමුවීම, මමත්වය ගොඩනැඟීම, තමාගේ කර ගැනීමට යෑම නිසා මිනිසුන් ඒකමතිකව සියලු වස්තු ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ස්ව කැමැත්තෙන් රජෙකු පත් කර ගැනීමට යොමු වීය.
“මහාජන සමමතො ති ඛො වාසෙටඨ මහා සමමතො”  ප්‍රස්තුත සූත්‍රය දෙස බලන කල්හි පරිණාමීය ක්‍රියාවලිය මොනවාට පවසම් ද? දීඝනිකායේ චක්කවත්ති සූත්‍රය දෙස බැලීමේ දී මානව වර්ගයා පරිණාමය සිදුවෙන අයුරු විද්‍යමාන කර තිබේ.  මෙහි දී රාජ්‍ය පාලනතන්ත්‍රයට උපදෙස් ලබා දෙන සූත්‍රයක් වුවද මිනිසා ක්‍රමිකව අධර්මයට හා දස අකුසලින් ඈත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ආයුෂවල යම් පිරිහීමත් සිදුවන බවත් අධර්මයට යොමුවීම නිසා මිනිසාගේ පරමායුෂ ප්‍රමාණ වූ වර්ෂ අසූදහක් බව හා ඇදහීමට පවා උගහට ය.  එය දීර්ඝ ආයුෂ ප්‍රමාණයකි.  මිනිසා ආහාර තෘෂ්ණාව හා ආහාරක්ලාන්තිය, මහලු වීම, යන ආබාධ තුනෙන් පෙළෙන බැවින් එම අවධියේ දී වර්ෂ පන්සීයක් සපිරූ යෞවන යෞවනියන් විවාහය සඳහා යෝග්‍ය කර ගන්නා බව පැවැසේ.  මානව වර්ගයාගේ ඒ දක්වාම පරිණාමීය ක්‍රියාවලියට භාජනය වන බව පෙන්වා දී තිබේ.
මිනිස් සංහතිය විපරිණාමයට පත්වන අයුරු පෙන්වනු ලබනුයේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී අධාර්මිෂ්ඨ ගති ඇති මිනිස් සංහතියක් බවට පත්වන බවත් තියුණු ආයුධ අතැතිව වෙසෙන බව හා මා පිය සොයුරු සොයුරියන් පවා නොහඳුනන තත්වයකට පත් වන බවයි.  දීර්ඝ ආයුෂ ඇති ඔවුන්ගේ මේ ක්‍රියා කලාපයන් සමග පරමායුෂ වනුයේ වර්ෂ දහයක් පමණ ය.
ස්ත්‍රියක් හා පුරුෂයෙකු මෙවුන්දම් සේවනයත් සමග ගෘහ ජීවිතයකට යොමුවීම මානව වර්ගයාගේ පරිණාමයේ තවත් පැතිකඩකි.  මිනිස් සමාජයෙන් සැඟව තත්කාර්යය සපුරා ගැනීමට වෙහෙසීම පරිණාමීය කාර්යයකි.
මානවයා වැඩි වීමත් සමග මානවයාගේ නව යුගයක් උදාවීම සිදුවී තිබේ.  මිනිසුන් මුල් කාලයේ දී ක්‍රියා කිරීමට හාත්පසින් ම නූතනය වන විට නාගරීකරණය, කාර්මීකරණය, වානිජ කරණය හමුවේ නව යුගයක් උදා වී තිබේ.  අද දවස වන විට දී ද මේ සිද්ධි දාමය සිදුවෙමින් පවතින බව පැහැදිළි ය.


 මීපනාවේ  අමරවංශ හිමි