ත්‍රිලක්‍ෂණ න්‍යාය
මෙලොව හටගත්තා වූ සත්ව ප්‍රජාවගේ යථා ස්වභාවය කියැවෙනුයේ ත්‍රිලක්‍ෂණය මඟිනි. මෙය බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මෙහි මූලික ලක්ෂණ තුනකි. අනිච්ච, දුක්‍ඛ, අනාත්ම යනු ඒ ලක්‍ෂණත්‍රය යි. මෙහි ඉගැන්වෙන අනිච්චතාව හා අනාත්මතාව බැහැර කොට දුක්‍ඛතාව හැඳිනගත නොහැකි ය. මෙය ප්‍රායෝගික ජීවිතයට වැදගත් වූ ධර්මයකි. එදිනෙදා ජීවිතයේ දී මෙය අනුගමනය නොකිරීම නිසා විවිධ ගැටලු මතුකරගෙන තිබීම දැකිය හැකි ය. ජීවිතයේ යථා තත්වය හැඳින ගැනීමට ත්‍රිලක්‍ෂණ න්‍යාය වැදගත් ය. හේතු මුල් කර ගනිමින් හටගත් සියල්ල “සංඛත” යනුවෙන් හඳුන්වයි. මෙලෙස සංඛත යන්නෙන් හඳුන්වන්නේ,
1 හට ගැනීම - උප්පාද පඤ්ඤායති
2 වැනසී යාම - වයො පඤ්ඤායති
3 වෙනස් වෙමින් පැවැත්ම - ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති
සත්ව ප්‍රජාවගේ ජීවිත දෙස බලනවිට මේ අවස්ථා දැක ගත හැකි ය. එක එල්ලෙහිම නොව මේ අවධින් දැකීමට කාලයක් ගත වේ. ජීවිතය සැබෑ මානව ක්‍රියාකාරකම්වලින් බැහැරව නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමඟ ත්‍රිලක්‍ෂණයට භාජනය වන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ දේශනයන් පරීක්‍ෂා කිරිමේදි කිසිවක් ස්ථීර නොවන්නේ ය. නිත්‍ය ද සදාකාලික නොවන්නේ ය. මේ සියල්ලම දුක් සහිතය. මගේ ය මම ය කියා කිසිවක් නොවන්නේ ය. මෙය විශ්ව සම්මතය යථා තත්වයම වන්නේ ය. මේ නිසා අප අල්ලා බැඳගෙන සිටින රූපය ද අනිත්‍ය හෙවත් ස්ථිර නොවන බැවින් දුක් සහිතය. මේ පිළිබඳ වැටහීමක් ඇති තැනැත්තාගේ නිවැරදි දැක්මට අනුරූපව චරිතය ද ගොඩනැගෙයි.
බුදුවරු ලොව පහළ වී ධර්මය දේශනා කරති. අනිත්‍ය වු ධර්මය අනිත්‍ය වශයෙන් ද දුක් සහිත ධර්මය දුක් සහිත ලෙස ද අනාත්ම වු ධර්මය අනාත්ම වු ලෙස ද අසුභ වු ධර්මය අසුභ ලෙස ද ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දී තිබේ. අසීමිත ආශාවෙන් තොර තිලකුණ දන්නා තැනැත්තා ගිජුකමින් ඈත්වන්නේ ය. තථාගතයන් වහන්සේ මිනිසුන් අතර කැපී පෙනෙන උතුමෙකි. ඒ බව තම ශ්‍රාවකයන් වහන්සේලා පවා ප්‍රකාශ කර සිටී. එය මෙපරිද්දෙනි. බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙකි. සියල්ල අවබෝධ කරගත් උතුමෙකි. දැමුණු ඉඳුරන් ඇත්තේ ය. සැනසුණු නිවුණු සිත් ඇත්තේ ය. කිසිවකට කම්පා නොවන්නේ ය. මෙලෙස උන්වහන්සේ වාසය කරන්නේ ය. ජීවිතයේ යථා තත්වය අවබෝධ කරගත් බැවිනි. බුදුරජාණන් වහන්සේ මිනිසා මුල්කරගෙන අසහාය පර්යේෂණයෙන් බැසගත් නිගමනය වුයේ,
නා හිදං අත්‍ත කතං බිමබං
නහිද පර කථං අගං
හෙතුමපටිචච සමබුතං
හෙතු භංගා නිරුජක්‍ඩති
ජීවිතය අප විසින් හදා ගත්තක් හෝ වෙනත් කෙනෙකුගේ මැවීමක් නොවන්නේ ය. මෙය වෙනස් වීමට ලක්වන්නකි. ජාති, ජරා, මරණ වැනි මූලික දුක්‍ඛයන් අභිබවනය කොට එම දුක් ගිනි නිවා දැමීමෙන් නිවන ලැබීමේ මඟ පෙන්නුයේ මේ තත්වය මතය. සියලුම සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම වෙනස්වීම සිදුවන බැවින්
සබෙබ සංඛාරා අනිචචා
මෙය ඉපදෙමින් නැසෙන සුළු ය. ඒකාන්තයෙන්ම එය සිදුවන බව පෙන්වා දී තිබේ. අප දකින අපේ ජීවිත මෙහොතක් මොහොතක් පාසා වෙනස් වෙන බව පැහැදිළි ය. ඇතැම් විට එලෙස වෙනස් වෙනවාට අප ප්‍රියක් නොදක්වමු. නමුත් එය ලෝක ස්වභාවයම නොවන්නේ ද? එබැවින් කා හටත් තේරුම් ගැනීම පහසුව පිණිස තථාගතයන් වහන්සේ ඒ සඳහා උපමාවකින් කරුණු පැහැදිළි කර ඇති ආකාරය නඛසිඛොපම සුත්‍රයෙන් පැහැදිළි කර තිබේ. නියපිටට පස් බිඳක් ගෙන ඒ තරම්වත් ස්වල්ප වූ රූපා දී කිසිවක් ස්ථිර නොවන බව පෙන්වා වදාළේ නිත්‍ය කිසිවක් නොවන බව හා ත්‍රිලක්‍ෂණ ධර්මයට සැවොම යටත්වන බව ප්‍රකාශ කරමින් ය. පඤ්චස්කන්‍ධයේ ස්වභාවය නම් එකසේ පැවැත්ම නැතිවන අතර අනිත් ආකාරයට වෙනස් වීමය. සත්ව තුළ වෙනස් නෙවන ස්ථිර ජීවයක් හෝ ආත්මයක් නැති බව ඉහත කී විස්තරයෙන් පෙනේ. ඉන්ද්‍රියන්ගේ හික්මීම මත මෙය නවතා ගැනීමට හැකි ය. යමෙකුට මේ පිළිබඳ යම් වැටහිමක් අවබෝධයක් ඇතිකර ගනිමින් මනස හික්මවත්ම ඔහු මාර බන්‍ධනයෙන් නිදහස් වේ යැයි ධම්ම පදයෙන් පෙන්වා තිබේ.
සියල්ල අනිත්‍ය යැයි සංකල්පනය කොට එමගින් මමත්වය පිළිබඳ ආත්මීය සංකල්ප බැහැර වීමෙන් තෘෂ්ණා දෘෂ්ඨි ප්‍රහාරණයට මඟ පෑදෙන බව බූදු දහමේ බොහෝ සූත්‍ර මඟින් අනාවරණය කර තිබේ.
සබෙබ සංඛාරා අනිචචාති
යදා පඤඤාය පසසති
අථ නිබබිනදති දුfක්‍ඛ
එසමගෙගා විසුදධියා
යමෙක් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි නුවණින් දකී ද එවිට දුකෙහි කළ කිරෙයි. එය විමුක්තියට මාර්ගයයි. ඉන්ද්‍රියන්ට සිතූ සේ හැසිරෙන්නට ඉඩ නොදිය යුතු ය. රෝග පීඩා දී කරුණුවලින් සිත් දැවීම රිදීම ආදියෙන් පීඩා විඳින්නේ මේ වෙනස්වන ලක්‍ෂණ හැඳින ක්‍රියා කිරීමේ ශක්තිය නොමැති කල ය. මේ පිළිබඳ පොදු වැටහිමක් ඇතිව තිබෙන්නේ නම් වෙනස් වෙන තත්වය තේරුම් ගෙන ශෝකය මැඩගත හැකි නොවන්නේ ද? ශරීරය කෙතරම් පැහැපත් වුව ද එහි වෙනස්වීම පැවැත්ම විනිශ්චය පොදු වු ධර්මයක් බැවින් මමය මාගේය කියා බැඳ තබා ගැනීම නොකළ යුතු ය. මානව වර්ගයාගේ ජීවිතය ත්‍රිලක්‍ෂණ න්‍යාය ධර්මයට යටත් වන බැවින් අවබෝධයෙන් මුහුණ දීම වැදගත් ය. තිලකුණු දහම පිළිබඳ වැටහීමත් සමඟ මෙබඳු පුද්ගලයා අටලෝ දහමින් කම්පා නොවන්නේ ය.
ථුටඨසස ලොක ධමෙමහි චිතතං යසස න කමපති
නොසැලී එඩිතරව එයට මුහුණ දෙනු ලබයි. සත්‍ය අවබෝධය නිසා ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පුරුදුකම් ඇති සත්වයා වෙනස්වීමට, ජරාවට, දිරීමට, පලුදුවීමට, වයෝවෘද්ධත්වයට පත්වන හෙයින් යොවුන් විය නිත්‍ය නොවන බැවින් ජීවිතය අවසාන් වන්නේ මරණයෙන් කෙළවර වීමෙන් බව සිහිතබා කටයුතු කරන්නේ නම් ත්‍රිලක්ෂණ ධර්මය පිළිබඳ අවබෝධය වැදගත් ය.
මීපනාවේ අමරවංශ හිමි
ජගද්දලා විශ්වවිද්‍යාලය
ක්‍රිථව 1077-1129 පාලවංසයේ රජවරුන් වූ රාමපාල රජු විසින් ස්ථාපනය කරන ලද ඥානය පිළිබඳ ශ්‍රේෂ්ඨතම ආයතනය ලෙස ජගද්දලා විශ්වවිද්‍යාලය හඳුන්වා දිය හැකියග මෙම සරසවිය පිහිටා තිබුණේ බෙංගාලයේ ඩැකා නුවරින් සැතපුම් තිහක් පමණ දුරින්යග මෙය රමණීය ගංගානම් ගඟ අසබඩ රමාවතී රාජ්‍යයට අයත්ව පැවති බව විද්වතුන්ගේ අදහසයිග වත්මනයේ විද්වතුන් ජගද්දලාව පිහිට තිබු ස්ථානය පිළිබඳව තීරණය කිරීමේදී විශාල මතභේදයකට තුඩ දී තිබේග එච්ගපී ශාස්ත්‍රීය මෙය පෙරදිග බෙංගාලයේ පිහිටා තිබුණේ යැයි අදහසක් ඉදිරිපත් කරයිග1 ගංගානම් ගඟ සහ කරතෝය නදියේ සංගමයේ ජගද්දලා විශ්වවිද්‍යාලය පිහිටි ප්‍රදේශය ලෙස එන්ගඑන් දාස්ගුප්තගේ අදහසයිග2 මෙම ආයතනයේ ඉතිහාසය දෙස බැලීමේදී වසර සියයකට අධික අතීතයකට උරුමකම් කියනු ලැබේග රාමපාල රජුගේ ජීවන කතාව හා රමාවතී නගරය ගැන වර්ණනා කරමින් රාමපාල රජුගේ රාජසභා කවියා වූ ර්‍ණසන්ධ්‍යාකරනන්දි ” විසින් රාමචරිත මහා කාව්‍යයයේ තුන්වන සර්ගයේ ප්‍රසිද්ධ ජගද්දලා විශ්වවිද්‍යාලය පිළිබඳව හා රමාවතී නගරය පිළිබඳ එම කාව්‍යය තුළින් කදිමට වර්ණනා කර තිබේග3 මෙම උසස් කේන්ද්‍රස්ථානය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන්ද විශිෂ්ට අධ්‍යාපන ආයතනයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලනු ලැබීයග උක්ත සරසවියේ අධ්‍යාපන පටිපාටිය හා පරිපාලන ව්‍යුහය පිළිබඳ සඳහන් කිරීමේදී ජගද්දලා විශ්වවිද්‍යාලය නාලන්දා විශ්වවිද්‍යාලයේ අභාෂය අනුව ක්‍රියාත්මක වී තිබු බවත් එම සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන ආ බවත් බොහෝ උගතුන්ගේ විශ්වාසයයිග
ජගද්දලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික තත්වය විමසා බැලීමේදී තාන්ත්‍රීක බෞද්ධ ධර්මය අග්‍රස්ථානයක් බවට පත්ව තිබුණිග ජගන්දලා විශ්වවිද්‍යාලයේ වැඩ සිටි මහා පඬිවරු ලෙස විභුති චන්ද්‍රල දානසීලල ප්‍රභාකරල මොක්ෂකර ගුප්ත යන තෙරවරු වුහග4 මධ්‍යතන යුගය වන විට ජගන්දලා විශ්වවිද්‍යාලය ඥානයේ ශේෂ්ඨතම මධ්‍යස්ථානයක් බවට පත්වියග එය සතර දිග ප්‍රචලිතව පැවති බවට ප්‍රතීයමාන වේග මෙම සරසවියේ පැවති සුවිශේෂී ස්ථානය ලෙස පුස්තකාලය හදුන්වා දිය හැකියග මෙහි අග්‍රගන්නයේ ග්‍රන්ථ රාශියක් පැවති බවත් එක හා සමානව එම ග්‍රන්ථයන් මෙහි ආචාර්ය වරු මෙන්ම විද්වතුන්ද දේශීය හා විදේශීය ශිෂ්‍යයන්ද සම ලෙස ප්‍රයෝජනයට ගත්තෝයග කීර්තිමත් ආචාර්යවරුන්ගේ නම් වලින් සහ උන්වහන්සේලාගේ ග්‍රන්ථ රචනා සමුහයක් පැවති බවත්ල එම විදු බිමේ ම අධ්‍යන කටයුතු කල දාන සීල තෙරුන් ටිබෙට් බසට රචනා කල පොත් සමුදායකින් යුක්ත බැවින් හා එම ග්‍රන්ථයන්ද මෙහි තිබෙන්නට ඇතැයි උගතුන්ගේ විශ්වාසයයිග එවන් ග්‍රන්ථ අතරින් වැඩි කොටසක් පැවතියේ තාන්ත්‍රික බෞද්ධ විෂයයට අදාල වන ග්‍රන්ථයන්යග ජගන්දලා සරසවියේ විද්‍යාර්ථයෙකු ව සිටි මොක්ෂකර මුක්ත හිමියන් අධ්‍යාපන කටයුතු අවසන් කර මෙම සරසවියේම ඉගැන්වීම් කටයුතු කළ අතර අවසාන අචර්යවරයාද වුහග මෙම උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය තුළ බෞද්ධ ධර්මයේ තිබ්බතී මධ්‍යස්ථානය සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා තිබේග මෙය තහවුරු කිරීමට තරම් සාධක හමුවේග ඒ අතර සංස්කෘත ග්‍රන්ථ තිබ්බතීය භාෂාවට අනුවාද කළ විද්වත් තිබ්බතී අනුවාද කරුවන්ගේ දීර්ඝ සුචීයෙන් එම සාධකය තහවුරු කල හැකග5
ජගන්දලා විශ්වවිද්‍යාලයේ කීර්තිය ලොව පුරා පැතිරී තිබුණි ගඑම අධ්‍යාපන ආයතනයේ අධ්‍යන කටයුතු වල නිරත වීම සඳහා දේශීය ශිෂ්‍යන් පමණක් නොව විදේශීය ශිෂ්‍යයන්ද පැමිණි බවට සාධක ඇතග කාශ්මීර භික්ෂුන් වහන්සේ නමක් වූ ශාක්‍ය ශ්‍රී භද්‍ර හිමි බෞද්ධ විද්‍යා කේන්ද්‍රස්ථානයක් නැරඹීම සඳහා පැමිණි අවස්ථාවේ නාලන්දාල ඔදන්තපුරල වික්‍රමසිලා යන විශ්වවිද්‍යාලයන් වල විනාශය දැක නැගෙනහිර දෙසට සංක්‍රමනය වූ අවස්ථාවේ එම භික්ෂුව මෙහිදී ජගන්දලා විශ්වවිද්‍යාලය දැක එම ස්ථානයට පැමිණ වසර තුනක් පමණ එහි නේවාසිකව සිටිමින් එම සරසවියේ එවකට ආචාර්ය භික්ෂුන් වහන්සේ නමක් ව වශයෙන් කටයුතු කරණු ලැබූ සුභකරගුප්ත තෙරුන් වහන්සේ හමුවී එහිදී උන්වහන්සේ සමඟ සංස්කෘත තාන්ත්‍රික ග්‍රන්ථයකල සංස්කෘත ටීකාවක තිබ්බතීය අනුවාදය තන්ජුර්හි සංග්‍රහ කර තිබේ ගමෙම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ සිටි ශිෂ්‍යන් අතර අති දක්ෂම ශිෂ්‍යයන් ලෙස දාන සීල හා විභුති චන්ද්‍ර යන දෙදෙනා දක්ෂතම ශිෂ්‍යන් වශයෙන් කටයුතු කර ඇති බව ගම්‍යය වේග ඔවුන් විසින් ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර තිබේග එමෙන්ම මෙම විශ්වවිද්‍යාලයේ ම ආචාර්ය වරයෙකු වූ ශාක්‍ය ශ්‍රී චන්ද්‍රගේ විද්වත් ශිෂ්‍යන් දෙනමක්ද වියග ඔවුන් භාෂා දෙකක්ද දැන සිටියහග එය තිබ්බතල සංස්කෘත භාෂාවන්යග මෙතුළින් පැහැදිලි වන්නේ විදේශීය භාෂාවන් ද ඉගැන්වීමට ලක්කර තිබු බව විද්‍යමාන වේග මෙම උසස් අධ්‍යාපන ආයතනයෙන් ලබාදුන් උපාධීන් අතර පණ්ඩිතල මහා පණ්ඩිතල උපාධ්‍යායල ආචාර්ය යන උපාධින්යග මෙහි පැවති විභාග පටිපාටිය හා බදවා ගැනීමේ ක්‍රමය නාලන්දා විශ්වවිද්‍යාලය වැනි ආයතන වල පැවති සම්ප්‍රදායන්ට බොහෝ සෙයින් සමාන ආකාරයටයග
තවද මහායාන ධර්මයේ ප්‍රධාන විෂය ධාරාවක් වන හේතු විද්‍යාව:තර්ක ශාස්ත්‍රය* පිළිබඳ අධ්‍යනය ස්වකීය ශිෂ්‍යන් විසින්ම සමීක්ෂණ හා නිගමනයන්ට එළඹ කැපවීමෙන් මෙම සරසවිය තුළ අධ්‍යන කටයුතු නිසි පරිදි සිදු කළ බව පැහැදිලියග එවන් ශිෂ්‍යන් අතර මොක්ෂකර ගුප්ත වැනි විද්වතුන් උදහරණ වේග
ර්‍ණඉති-ශ්‍රීමත්-රාජ-ජගද්දල විහාරයේ මහායානී ශ්‍රීමත් භික්ෂු මොක්ෂාකර ගුප්ත විසින් රචිත තර්ක භාෂාවේ පරර්ථානුමාන නම් තෘතිය පරිච්ඡේදය සමාප්ත වේග” මෙවන් ආකාරයට ජගන්දලා විශ්ව විද්‍යාලයේ විද්වතෙකු විසින් කෘෂ්ණ රචිත සංවර ව්‍යාඛ්‍යාව අනුවාදය කළේයග6 ජගන්දලා විශ්වවිද්‍යාලය දසක දහයකට අධික කාලයක් වැජඹුණ ද දහතුන්වන සියවසේ පැමිණි මුස්ලිම් ආක්‍රමණ හමුවේ ක්‍රිගව 1207 දී පමණ මෙම ආයතනය සම්පුර්ණයෙන් විනාශමුඛයට ලක්කර තිබේග පුරා විද්‍යාත්මක කැණීම් කටයුතු තවමත් සිදුවී නොමැති අතර පුරාවිද්‍යා කැණීම් කළ විට ජගන්දලා විශ්වවිද්‍යාලයේ නෂ්ටාවශේෂ මෙන්ම අනෙකුත් වටිනා දෑ සම්භාරයක් ලැබෙන්නට ඉඩකඩ ඇතග
ආන්තික සටහන්
1 විජිතධම්ම හිමිලසියඹලාගහාරුප්පේලභාරතීය බෞද්ධ සිද්ධස්ථානල2013ලඇස්ග ගොඩගේ සහ සහෝදරයෝලකොළඹ 10ග පිග182ලග
2 එමලපිග 182ලග
3 එමලපිග 181ලග
4 සිරි රාහුල හිමිල අත්තුඩාවේල බෞද්ධ ශිෂ්ටාචාරය 1993ල ඇස්ග ගොඩගේ සහ සහෝදරයෝලකොළඹ 10 පිග32ලග
5 විජිතධම්ම හිමිලසියඹලාගහාරුප්පේලභාරතීය බෞද්ධ සිද්ධස්ථානල2013ලඇස්ග ගොඩගේ සහ සහෝදරයෝලකොළඹ 10 පි183ලග
6 එමලපීග186
මීපනාවේ අමරවංශ හිමි
මිනිසාගේ සම්භවය හා පරිණාමය
බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට උපත සිදුවන්නේ අණ්ඩජ, දලාබුජ, සංසේදජ, ඕපපාතික වශයෙන් බව සංයුක්ත නිකායේ නාග සුප්පවණ්ණ වග්ගයේ සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ විග්‍රහයේ දී උපතක් සිදුවිය හැකි ක්‍රම හතරක් පිළිබඳ විග්‍රහයක් කර ඇත. නූතන සමාජය තුළ සත්වයෙකුගේ පහළවීම ලෙස හඳුන්වන අවස්ථාව වන්නේ කිසියම් මව්කුසකින් උපදින අවස්ථාවයි. දුර අතීතයේ විසූ මිනිසුන් දරුවකු මව්කුස පිළිසිඳ ගැනීම හා මව්කුසෙන් දරුවෙකු බිහිවීම යන මේ සිද්ධිදාමය ශවුන් හඳුන්වා දෙන්නට යෙදුනේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වශයෙනි. හින්දු සමාජය තුළ ලිංග පූජා ආදිය පවත්වමින් උපතට දේවත්වයක් ආරෝප කිරීමට උත්සහ දරා තිබේ. මේ ලක්ෂණය නූතන ජන සමාජ ක්‍රමය තුළින් ද දක්නට ලැබේ. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ භාරතයේ පහළ වූ ශ්‍රේෂඨතම උත්තමයන් වූ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දිය හැකි ය. උන්වහන්සේ නිර්මාණවාදය පසෙකට දමා සත්වයාගේ ආරම්භය සිදුවන ආකාරය විග්‍රහ කර තිබේ. සත්වයාගේ පහළ වීම සිදුවන්නේ දෙදෙනෙකුගේ එකතුවීමක් පදනම් කරගෙනය. එමෙන්ම මව ඍතුමත් වීම හා ගන්ධබ්බයෙකුගේ පැමිණීම හෙවත් විඤ්ඤාණයක් මව් කුසට ඇතුල් වීමෙන් කළලයක් හටගැනීම ට හේතු වේ. මෙකී කරුණු තුන සම්පූර්ණ විමෙන් පසු කළලයක් හට ගැනීමට කර්මය, අන්තරාභවය ඒ පිළිබඳ ගැඹුරින් හා පුළුල් විග්‍රහයක් ආගමික සම්ප්‍රදායන් මඟින් ඉදිරිපත් කර ඇත. සත්වයාගේ හට ගැනීම සඳහා සාධක වන තවත් ලක්ෂණයක් නම් පදාර්ථයන්ගේ එකතුවීමක් ද අවශ්‍ය වේ. සංයුක්ත නිකායේ සේලා සූත්‍රයේ දී ජීවය හටගන්නේ කෙසේද? නිර්මාණය කළේ කවරෙක් විසින් ද යන ප්‍රශනයට කදිම පිළිතුරක් ලබාදෙන සේලා භික්ෂුණිය ජීවිතය යනු තමා විසින් ම නිර්මාණය කර ගන්නා ලද දෙයක් ද නොවන බවත් අන් අය විසින් සාදන ලද දෙයක් නොව මෙය හේතු මුල්කරගෙන හටගන්නක් බවත් හේතු බිඳීමෙන් එය ද විනාශ වන බව පවසා තිබේ. මෙතුළින් නිර්මාණවාදය බුදුදහම විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. යම් බීජයක් තිබූ පමණින් හටගන්නේ නැත. එය හට ගැනීමට හේතු සාධක බලපායි. මේ හේතු කරණ කොටගෙන බීජය හටගනී. මහාතණ්හාසංඛය සූත්‍රයේ දී සත්වයාගේ පහළ වීමට සංඛාර ආදී හේතු ප්‍රත්‍යයන්ගේ මූලිකත්වය උපදින බව පෙන්වා දී තිබේ. “ජාතයවාභූතය” යනාදී වශයෙන් අට්ඨකථාව තුළ ද සඳහන් කර තිබේ. “සම්පඤඤාය පසසතො පංචසකන්‍ධය ජාතය, භූතය” නිපන් යැයි තතු සේ දක්නට හුය. එමෙන්ම තවදුරටත් විග්‍රහ කරන්නේ නම් මවක් ඍතුමත් වීම සිදුවිය යුතු බවත් ස්ත්‍රියකගේ යම් අවකාශයක දරුවා උපදී ද එහි මහත් වූ ලේ පිලාවක් පිහිටා බිඳී වැගිරෙයි. වස්තුව පිරිසිදු වේ. මෙසේ වූ පසු සත්දවසක් තෙක් පිළිසිඳ ගැනීමට සුදුසු කාල පරාසය යැයි අට්ඨකථාවේ කියැවේ. “මාතාච උතුනී හොති” මවුකුසක නාමරූප හටගන්නේ විකල නොවූ හේතු රාශියක් එක්වීමෙනි. දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයේ දැක්වෙන අන්දමට සතරමහාභූත රූපවලින් හටගන්නා බවත්, පඨවි යනු තදගතිය, ආපෝ නම් වැගිරෙන ගතිය, තේජෝ නම් උණුසුම් බව, වායෝ නම් වාතය යන සතර එක්වීම බලපාන බවයි. මජ්ක්‍ධිම නිකාය අටුවාව මේ පිළිබඳ අදහස් දැක්වීමේ දී දරුගැබක් හටගන්නා ආකාරය විග්‍රහ කිරීමේ දී මවුපියන්ගේ එකතුවිමෙන් සත්දිනක් ගතවන තුරු පිරිසිදු අවකාශයේ දරුවෙකු පිළිසිඳ ගන්නා බවත්, මේ කාලසීමාවේ සිදුකරණු ලබන මෙවන් ක්‍රියා කලාපයෝ එනම් මවගේ අත් ඇල්ලීම, හිස පිරිමැදීම, පිළිසිඳ ගැනීම යන ක්‍රියා කලාපයන් තුළින් පිළිසිඳ ගන්නා බව සඳහන් කෙරේ. මේ කාලය තුල දී බිරිඳකට ආදරය දැක්විය යුතු කාලය බව මෙයින් කියා පා තිබේ. මහානිදාන සූත්‍රයට අනුව විඤ්ඤාණය, නාමරූප වෙත බැසගැනීම, එයින් ඉවත්වීම පිළිබඳ අදහස ප්‍රකටවම ප්‍රකාශයට පත්වේ. මේ තුළින් ද ප්‍රතීයමාන වන්නේ පවතින විඤ්ඤාණ පරම්පරාව ට අයත් විඤ්ඤාණයක් එළඹීම මඟින් ද කිසියම් විඤ්ඤාණයක් පිටවීමත් සමඟ උපතක් සිදුවිය හැකි බවයි. විඤ්ඤාණ ශක්තිය සකස්කර ගන්නා අපි දකින නොදකින සියලු දේ නියාම ධර්ම පහකට යටත් වේ. මෙම නියාම ධර්මයන්ට අවනත නොවී කටයුතු කළ නොහැක. මෙයට යටත් විය යුතු ය. විඤ්ඤාණ ශක්තියෙන් උපත ලබන දෙය විඤ්ඤාණ ශක්තියට යටත්වන නිසා විඤ්ඤාණය නිරෝධ කිරීමෙන් නියාම ධර්මයන් ට යටත් නොවී ක්‍රියා කළ හැකි ය. “ගනධබෙබා පචචු පටඨිතො හොති” විඤ්ඤාණය මවුකුස අල්ලාගන්නා බව මෙහි දී විග්‍රහ කොට තිබේ.
මව්කුසක කළලයක් හට ගනුයේ කුමන කරුණකින් ද කිසියම් සත්වයෙකු මවුකුසක හට ගන්නේ ද “කථනත්‍වයං මජජති ගබභරසමිං” මව්කුසක කළලයක් හට ගන්නා මුල් අවස්ථාව හෙවත් කළල අවස්ථාව ක්‍රම ක්‍රමයෙන් වර්ධන ක්‍රියාවලිය සිදු වේ. උසස් දිවියක් ගත කිරීමට ත්‍රිහේතුක කුසල විපාකයන් ද හේතුවේ. මේ කුසල විපාකයන් ගේ බලපෑම හිමි වන්නේ සසර පින් ඇති සත්වයන්ට ය. ඔවුන් සමාජයේ කැපී පෙනෙන්නන් බවට පත් වේ. දිහේතුක විපාකයන් මත පිහිටා උපදින සත්වයන් ද සමාජයේ වෙසෙති. කුමන කරුණක් මත හෝ පිහිටා සත්වයා මවු කුසක් අල්ලා ගත්ත ද මුල් ම අවධිය වන්නේ කළල අවස්ථාව යි. මේ කළල අවස්ථාව හට ගන්නා ආකාරය විග්‍රහ කරනු ලබන්නේ මැස්සෙකු තුඩින් වරක් උරන කුඩා බිඳුවක් තරම් කුඩා අවධියක් වශයෙනි. ඛුද්දක භාණ්කාචාරියෝ ජාතිමත් එළුලොමක් (උණණ) ශුද්ධ ගිතෙලෙහි ගලා යටිකුරු කල කල්හි වැගිරෙන ගිතෙල් බිදක් පමණ යැයි කියති. සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රය තුළ සත්ව රූපය හට ගන්නා ආකාරය ඉන්දක නම් යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේ දී ඔහුට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ පළමුව කළල රූපය හට ගන්නා බවත් දෙවනුව එය වර්ධනය වී අබ්බුද බවට පත්වන බවත් එය මේරීමෙන් පසු පේශී ඇතිවන අයුරුත් ඉන්පසු ඝාණ නම් තත්වයකට පත්වන බව හා අත්පා වැඩීම ඉන්පසු සිදුවන අයුරු හා මව ගන්නා ආහාරයෙන් දරුවා යැපෙන බව පසක් කර දී තිබේ.
“පඨමං කලලං හොති කලලා හොති අබබුදං
අබබුද ජායතෙ පෙසී පෙසී නිබබනතති ඝනො
ඝානා පසාඛා ජායනති කෙසා ලොමා නාඛා පිච
යඤඛසස භුඤජතෙ මතා අනනං පානඛෙ භොජනං
තෙන සො නත්‍ථි යාපෙති මාතුඤචජිගතො නරොති”
මේ පිළිබඳ අටුවාචාරීන් වහන්සේලාගේ අවධානය යොමු වීමේ දී
“තිලතෙලසස යථා බිනදු සනපිමණෙඛා අනාමෙලා
එවං වණණ පටිභාගං කලලං සමපවුචචති”
තල තෙල් බිදුවක් පිරිසිදු ගිතලෙහි බිඳක් යම්සේ වේද එබඳු වර්ණයක් කළලයක් යැයි කියනු ලැබේ. මේ තුළින් මව්කුසක ලැග ගන්නා ආකාරය පැහැදිලි ය. කළල රූපය හට ගන්නේ කම්ම, චිත්ත, ඝෘත, ආහාර යන කරුණු හේතුවෙනි. ප්‍රතිසන්ධිය වශයෙන් හඳුන්වන්නේ ද බුදු දහමේ “ජාතිය” වශයෙනි. සච්චවිභංග සූත්‍රය තුළ ජාතිය යන්න පිළිබඳ කදිම විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. “මහණෙනි ජාතිය යන්න කවරේද? ඒ ඒ සත්ව යෝනියෙහි පහළවීමත් ස්කන්ධයන්ගේ පහළ වීමක් හා ආයතනයන්ගේ පහළ වීමක් වේද ඇවැත්නී එය ජාතිය යැයි කියනු ලැබේ.” බෞද්ධ විග්‍රහය තුළ එලෙස අර්ථ ගන්වා තිබේ. කළලයක් සංවර්ධනය වීමට නම් දින හතක් පමණ කාල පරාසයක් ගත වේ. දෙවන සතිය තුළ දී මෙය අබ්බුද යන නාමයෙන් හඳුන්වා දී තිබේ. මෙය පෙරලෙමින් පවත්නා තත්වයකි. එය මත්‍යසයෙකු ජලය බදුනක දැමුවා හා සමානය. අබ්බුද දින හතත් ගෙවුනු පසු උණුකළ ඊයම් වැනි දෙයක් මෙන් සමාන වූ පේශී නම් දෙය හට ගැනීම සිදු වේ. පෙරලෙමින් පවතින තත්වය මඟ හැරී ඊළඟ සතිය තුළ දී හෙවත් තුන්වන සතියේ දී පේශී තත්වය ඉවත් වී තද ස්වරූපයකට පත්වන කළලය ඝාණ යනුවෙන් හඳුන්වන තත්වයට පත්වේ. “පෙගී නිබබතතතී ඝාණො” මේ ගතිය ද මඟ හැරී අත්පා වැඩීම සිදුවෙන තැන් උස්ව වැඩි එකොළොස්වන සතිය තුළ ඛක්‍ඛු, සෝත, ඝාණ, ජිව්හා පහළ වේ. මව ගන්නා ආහාර රූපය හේතුවෙන් වැඩීම සිදුවේ. යම් වෘක්‍ෂයක් පතුවලින් හා මුල්වලින් ලබා ගන්නා වූ රසෝජාවෙන් එම වෘක්‍ෂය වැඩෙන්නාක් මෙන් දරුවාගේ රූප කලාපය වැඬේ සත්වන මාසය වන විට අංග සම්පූර්ණ සිරුරකට හිමිකම් කියාපායි. මහා තණ්හාසංඛ්‍යය සූත්‍රය තුළ දී බිලිඳෙකුගේ සිරුර වැඩෙන ආහාර හතරක් දක්වා තිබේ.
1ග කබලීකාර ආහාර - සාමාන්‍ය ද්‍රව්‍යමය ආහාර එනම් කෑලිවලට කඩා විකා අනුභව කරන ආහාර.
2ග එස්සාහාර - ඇස්, කණ්, ආදී පසිඳුරන්ගෙන් ගැටෙන දෙපිළිබඳ දැන ගැනීම ස්පර්ශයෙන් ලබන ආහාර.
3ග මනෝ සංචේතනික ආහාර - ඉන්ද්‍රිය අරමුණු වන දේ පිළිබඳ විමසා බලා ශක්තිය දියුණු වීම.
4ග විඤ්ඤාණහාර - ඉන්‍ද්‍රිය ගෝචරය කිරීමෙන් අරමුණු වෙන් ව හැඳින ගැනීමෙන් ලබන ආහාරය.
මවු කුස තුළ සිටින දරුවා මවගේ ආහාරපාන ලබා ගන්නේ මවගේ උදර පටලය හා ඒකාබද්ධ වීමෙන් ආහාර රසය ප්‍රත්‍යය කරගෙනය. මෙලෙස බිළිඳෙකු කර්ම ශක්තිය අනුව ඉත්‍ථිභාව හා පුරුෂභාව යන ස්ත්‍රී පුරුෂ භේදය මත “මාතුකචඡිගතොනරො” මව්ගේ කුසෙහි හරස් අතට සිට දසමසක් ඇවෑමෙන් පසු බිහිවේ. නූතනය වන විට දරුවන්ගේ බිහිවීම මාස හතෙනුත් සිදුවෙන අතර ඉන් ඉදිර මාසවලදීත් මෙන් ම දසමසක් සපිරීමෙන් ද දරු උපත් සිදුවේ. දසමසක දී බිහිවන දරුවා පින්වන්ත දරුවෙකු ලෙස ධර්මයේ හඳුන්වා දී තිබේ. “ගබබසස අවතකනති’ හොත” නව මසකින් හෝ දසමසකින් දරුගැබ කුසෙහි දරා සිටීමෙන් අනතුරුව දරු ප්‍රසූතිය සිදු කරන බව බුදුදහම පෙන්වා දී තිබේ. මව්කුසක නිසි පරිදි දසමසක් ගත කරන්නේ බුද්ධත්වයට පත් වන්නට පාරමී පූරණ ලද බෝධිසත්වවරුන් ය.
ප්‍රතීත්‍යසමුත්පාද සිද්ධාන්ත ණය ක්‍රමයට අනුව පරිණාමය ක්‍රියා මාර්ගය සිදුවෙන අයුරු පෙන්වා දී තිබේ. මිනිස් ජීවිතය හා ලෝකය ගැන විවරණය කරන අවස්ථාවේ දී එහි මූලාරම්භය දැන ගැනීමට නොහැකි බව බුදුන් වහන්සේ අවධාරණය කළහ. සෘතු විපර්යාසය මගින් සිදුවන බවත් පෙන්වා දී තිබේ. මිනිස් සමාජයේ පරිණාමයට මූලික හේතූන් වශයෙන් ආත්ම උනන්දුව (ීැකf-සබඑැරුිඑ) හා අන්‍යොන්්‍ය ආත්ම උනන්දුව (පමඑම්ක ිැකf සබඑැරිඑ)ඉදිරිපත් කළහ.
මිනිස් වර්ගයාගේ පරිණාමීය ක්‍රියාවලිය ආකස්මික අද්භූත බලයක ප්‍රතිඵලයක් නොව එය ක්‍රමිකව සිදුවූ සිද්ධි දාමයකි. මානව සංහතියේ පරිණාමීය ක්‍රියාවලිය දෙස බැලීමේ දී අග්ගඤ්ඤ සූත්‍රයට වැදගත් තැනත් හිමිවේ. මිනිස්ලොව ජීවත් වී යහපත් ක්‍රියාවල නිරත ව එයින් නික්ම ගොස් ආභස්සර දිව්‍ය ලෝකයේ ඉපිද නැවත චුතවී පෘථිවිතලය ඇසුරුකොට ඕපපාතික සත්ව කොට්ඨාසයක් නමින් බිහි වූ කල්හි ප්‍රීතිය ආහාරය කොට ජීවත් වූ නමුදු පසුකාලීනව ක්‍රමිකව පරිණාමිය ක්‍රියාව සිදුවිය. මිනිසාගේ පරිණාමීය ක්‍රියාවලිය මෙම ඉගැන්වීමට අනුව සිදුවනු ලබනුයේ ඕපපාතිකව හටගත් සත්වයා ප්‍රීතිය ආහාරය කොටගෙන ය. “අහුමහ පිතිභක්‍ඛා යයමපභා” ප්‍රියවන තෘෂ්ණාව පැමිණීමත් සමග ය. එසේ ම රස පොළොව ආහාරය වශයෙන් ගැනීම ද සිදුවිය. ආහාර සෙවීමට යොමුවීම පරිණාමයේ තවත් සාධකයක් ඉදිරිපත් කිරීමකි. මානවයාගේ පරිණාමීය ක්‍රියාවලියේදී සෙතවණණ හා සුබ්‍රවණණ භේදයත් සිදුවිය. රළු ආහාරවලට යොමු වීමත් සමග ලිංග භේදය ඉන් ආරම්භ විය. ස්ත්‍රී පුරුෂ යන භේදය මුලින් ම සිදු වී තිබේ. පූර්ණ මනුෂ්‍යයන් වශයෙන් ස්ත්‍රී භාවය හා පුරුෂ භාවය වශයෙන් භාවරූපයන් ඇතිවීම සිදු විය. එතැන් පටන් ලිංගික සංසර්ගයට මිනිසා යොමුවීම සිදු විය. මෙයින් පසු මානව සංහතිය වර්ධනය වීම සිදුවූවා විය හැකි ය.
මානවයා වැඩිවීමත් සමග ම මිනිස් සංහතියේ නව යුගයක් උදාවීම සිදුවී තිබේ. මිනිසුන් මුල් කාලයේ දී විවිධාකාරයේ යොමුවීම, මමත්වය ගොඩනැඟීම, තමාගේ කර ගැනීමට යෑම නිසා මිනිසුන් ඒකමතිකව සියලු වස්තු ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ස්ව කැමැත්තෙන් රජෙකු පත් කර ගැනීමට යොමු වීය.
“මහාජන සමමතො ති ඛො වාසෙටඨ මහා සමමතො” ප්‍රස්තුත සූත්‍රය දෙස බලන කල්හි පරිණාමීය ක්‍රියාවලිය මොනවාට පවසම් ද? දීඝනිකායේ චක්කවත්ති සූත්‍රය දෙස බැලීමේ දී මානව වර්ගයා පරිණාමය සිදුවෙන අයුරු විද්‍යමාන කර තිබේ. මෙහි දී රාජ්‍ය පාලනතන්ත්‍රයට උපදෙස් ලබා දෙන සූත්‍රයක් වුවද මිනිසා ක්‍රමිකව අධර්මයට හා දස අකුසලින් ඈත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ආයුෂවල යම් පිරිහීමත් සිදුවන බවත් අධර්මයට යොමුවීම නිසා මිනිසාගේ පරමායුෂ ප්‍රමාණ වූ වර්ෂ අසූදහක් බව හා ඇදහීමට පවා උගහට ය. එය දීර්ඝ ආයුෂ ප්‍රමාණයකි. මිනිසා ආහාර තෘෂ්ණාව හා ආහාරක්ලාන්තිය, මහලු වීම, යන ආබාධ තුනෙන් පෙළෙන බැවින් එම අවධියේ දී වර්ෂ පන්සීයක් සපිරූ යෞවන යෞවනියන් විවාහය සඳහා යෝග්‍ය කර ගන්නා බව පැවැසේ. මානව වර්ගයාගේ ඒ දක්වාම පරිණාමීය ක්‍රියාවලියට භාජනය වන බව පෙන්වා දී තිබේ.
මිනිස් සංහතිය විපරිණාමයට පත්වන අයුරු පෙන්වනු ලබනුයේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී අධාර්මිෂ්ඨ ගති ඇති මිනිස් සංහතියක් බවට පත්වන බවත් තියුණු ආයුධ අතැතිව වෙසෙන බව හා මා පිය සොයුරු සොයුරියන් පවා නොහඳුනන තත්වයකට පත් වන බවයි. දීර්ඝ ආයුෂ ඇති ඔවුන්ගේ මේ ක්‍රියා කලාපයන් සමග පරමායුෂ වනුයේ වර්ෂ දහයක් පමණ ය.
ස්ත්‍රියක් හා පුරුෂයෙකු මෙවුන්දම් සේවනයත් සමග ගෘහ ජීවිතයකට යොමුවීම මානව වර්ගයාගේ පරිණාමයේ තවත් පැතිකඩකි. මිනිස් සමාජයෙන් සැඟව තත්කාර්යය සපුරා ගැනීමට වෙහෙසීම පරිණාමීය කාර්යයකි.
මානවයා වැඩි වීමත් සමග මානවයාගේ නව යුගයක් උදාවීම සිදුවී තිබේ. මිනිසුන් මුල් කාලයේ දී ක්‍රියා කිරීමට හාත්පසින් ම නූතනය වන විට නාගරීකරණය, කාර්මීකරණය, වානිජ කරණය හමුවේ නව යුගයක් උදා වී තිබේ. අද දවස වන විට දී ද මේ සිද්ධි දාමය සිදුවෙමින් පවතින බව පැහැදිළි ය.
මීපනාවේ අමරවංශ හිමි


